එළිමහන් සිරකඳවුරක සිරකරුවෙකුට පහරදී ඝාතනය කරලා – ඥාතීන්ගෙන් නිලධාරීන්ට චෝදනා (VIDEO)

Date:

ඇඹිලිපිටිය, කදුරුගස්ආර එළිමහන් සිරකඳවුරේ රඳවා සිටි රැඳවියෙකු පහරදී ඝාතනය කර ඇති බවට ඔහුගේ ඥාතීන් චෝදනා කරයි.

මෙසේ මියගොස් ඇත්තේ අකුරැස්ස, කනංකේ ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි පුද්ගලයෙකි.

රුපියල් 10,000ක මුදල් සොරකමක් සම්බන්ධයෙන් 2010 වසරේදී චෝදනා ලැබූ ඔහුට 2021 වසරේදී තුන් අවුරුදු සිර දඬුවමක් නියම වී ඇති අතර මාතර බන්ධනාගාරයේ රඳවා සිටි ඔහුව පසුව යහපත් කල්ක්‍රියාව මත ඇඹිලිපිටිය කදුරුගස්ආර එළිමහන් සිරකඳවුර වෙත යොමුකර ඇත.

එහිදී ඔහු බන්ධනාගාර නිලධාරීන්ගේ ජංගම දුරකථන හරහා සිය දියණියට දුරකථන ඇමතුම් ලබාගෙන ඇති අතර එම බන්ධනාගාර නිලධාරීන් තමන්ගෙන් දිගින් දිගටම අල්ලස් වශයෙන් මුදල් ද ලබාගත් බවයි මියගිය රැඳවියාගේ දියණිය පවසන්නේ.

එසේම එම නිලධාරීන් ඇයට අයුතු යෝජනාවක් කර ඇති අතර එය දැනගත් පසු තම පියා දැඩි ලෙස කෝපයට පත්වූ බවත් එයින් දින කිහිපයකට පසු පියාගේ මරණය සිදුවූ බවත් ඇය සඳහන් කරයි.

සිය පියාගේ මරණය සම්බන්ධයෙන් ද බන්ධනාගාර නිලධාරීන් තමන්ට අසත්‍ය පැවසූ බව පෙන්වා දෙන ඇය තම පියාට ඉතාම දරුණු ලෙස පහරදී ඝාතනය කර ඇති බවටයි චෝදනා කරන්නේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කර තිබුණේ මෙම සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර බුද්ධි අංශය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව ද අතිශයින්ම දූෂිත ආයතනයක් වශයෙන් දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රසිද්ධියට පත්ව ඇති ආයතනයකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොමසාරිස්වරිය කළේ බලහත්කාරකමක්.අපි කවදාහරි කොමසාරිස්තුමියව නීතිය ඉදිරියට ගේනවා – මුජිබර් (VIDEO)

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරාපත් කරගැනීමේදී බස්නාහිර...

කිසි විටෙක යටත් නොවන බවට ඉරාන නායකයා ට්‍රම්ප්ට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සියලු හිමිකම් ඇවිරිණ මඟින් සියලු හිමිකම් පවරන මොහොත ජූනි 19 දා ලුම්බිණියේදී

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: සංජක ප්‍රසාද් දොලේවත්ත මේ...