ජනාධිපතිගේත් ආණ්ඩුවේත් ධුර කාල දීර්ඝ කරගැනීමට කිසිසේත්ම අවශ්‍යතාවයක් නෑ – නාමල්

Date:

මැතිවරණ නොපවත්වා ජනාධිපතිවරයාගේ හෝ ආණ්ඩුවේ ධුර කාල දීර්ඝ කරගැනීමට කිසිදු අවශ්‍යතාවයක් ආණ්ඩු පක්ෂයට නොමැති බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

”නෑ, එහෙම කිසිම කාරණයක් නෑ. අපි වෙලාවට මැතිවරණ තියනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේත් දේශපාලන ඉතිහාසය තුළ අපට මැතිවරණ කල්දැමීමේ හෝ දීර්ඝ කිරීමේ බලාපොරොත්තුවක් නෑ. අපි ආණ්ඩුවක් විදියට මීළඟ අවුරුදු තුනේ ජනතාවට සාධාරණය ඉෂ්ඨ කරන්න කටයුතු කරනවා”

ප්‍රශ්නය – ඒ කියන්නෙ ඔබතුමාලාට තවදුරටත් කාලය දීර්ඝ කරගැනීමේ වුවමනාවක් නෑ ?

”කිසිසේත්ම අවශ්‍යතාවයක් නෑ !”

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (22) ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි – අද (09) කාලගුණ වාර්තාව !

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන්...

විපක්ෂය සුළි කුණාටුව ගැන දැන දැනත් අපට අනතුරු හඟවලා නෑ. මේක සඟවාගෙන හිටියාට විපක්ෂයට නඩු දාන්න ඕනෑ – ඇමති මහින්ද

සටහන - රුවන් නෙළුගොල්ල සුළි කුණාටුවක් සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ආපදා සහන ක්‍රියාවලියට ආණ්ඩුවේ දේශපාලනඥයින්ගෙන් බලපෑම් – ග්‍රාම නිලධාරීන්ගෙන් චෝදනා !

ආපදා සහන කටයුතු පවත්වාගෙන යාමේදී වත්මන් රජයේ ඇතැම් දේශපාලනඥයින්ගෙන්...

විපතට පත් ජනතාව නගා සිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් රු. මි. 250ක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : හදීසි ආපදා තත්ත්‍වයෙන්...