ලෝකයේ විශාල සමාගම් රැසක කඩාවැටීමක් – ලොකුම කෝටිපතියන්ට සතියක් ඇතුළත ඩොලර් බිලියන ගණනක් අහිමි වෙලා!

Date:

කෝවිඩ් වසංගතය හේතුවෙන් ලෝකයේ ලොකුම කෝටිපතියන්ගේ ධනය, 10 ගුණයකින් වැඩි වී ඇති බව අප පළ කර සතියක් ගියේ නැත. අද වන විට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසන්නේ, සතියක් ඇතුළත ඔවුන්ගෙන් වැඩි දෙනෙකුට ඩොලර් බිලියන ගණනක් අහිමි වී ඇති බවයි. මෙයට මූලික වශයෙන් බලපා තිබෙන්නේ කෝවිඩ් වසංගතය හේතුවෙන් තාක්ෂණික මෙවලම් කොටස් මිල සහ ක්‍රිප්ටොකරන්සි, සැලකිය යුතු පසුබෑමකට ලක් වීමයි.

ඒ අනුව ලෝකයේ අංක එකේ ධනවතා වන ටෙස්ලා සහ ස්පේස් එක්ස් සමාගම් අධිපති එලන් මස්ක්‌ හට පසුගිය සතියේ ඇ.ඩො. බිලින 25.1 ක් අහිමි වී තිබේ.

ලෝකයේ අංක 2 ධනවතා වන ඇමසන් සහ පේ පෑල් සමාගම් අධිපති ජෙෆ් බෙසොස්ගේ කඩා වැටීම, පසුගිය සතියේදී ඇ. ඩො. බිලියන 20 කි.

ෆේස්බුක්/මෙටා සමාගම් අධිපති මාර්ක් සකර්බර්ග් ගේ වත්කම, ඇ.ඩො. බිලියන 10.4 කින් ක්ෂණිකව අඩු වී තිබේ.

සිකුරාදා දිනය වන විට ලෝ ප්‍රකට තාක්ෂණික සමාගමක් වන Nasdaq හි කොටස් මිල ද, 2020 මාර්තු මාසයෙන් පසු වාර්තා වූ නරකම කඩා වැටීම දැක්වීය. ඇමරිකානු කොටස් වෙළඳපොළ මේ අන්දමින් කඩා වැටෙමින් තිබෙන්නේ පිට පිට 4 වැනි සතියට ය.

මේ අතර ලොක්ඩවුන් සමයේ ලාභ පිට ලාභ ඉපැයූ Netflix සමාගමද, දශකයකින් මුහුණ දෙන නරකම කොටස් මිල පහළ යාමට ලක් ව තිබේ.

පසුගිය සමයේ බොහෝ දෙනෙකු ක්ෂණික ධනවතුන් බවට පත්වීමේ උපායමාර්ගයක් ලෙස බිට්කොයින් සලකා තිබිණි. කෙසේ නමුත් ක්‍රිප්ටොකරන්සි පවා, කල් ඇදෙමින් යන කෝවිඩ් වසංගත සමය තුළ දැඩි සේ අස්ථාවර ය. ගතවූ සතියේදී බිට්කොයින් වටිනාකම, 18.8%කින් අඩු විය. සෙසු ක්‍රිප්ටොකරන්සි ද කඩා වැටීම්වලට ලක් වෙමින් තිබේ.

2022 වසර ආරම්භ වන්නේ බිට්කොයින් සඳහා නරකම වර්ෂයක් ලෙස ය. නොවැම්බරයේ ඇ.ඩො. 68,000 ලෙස සටහන් ව තිබූ බිට්කොයින්, මේ වන විට ඇ.ඩො. 35,000 කට වඩා නොවටියි.

Bloomberg Billionaires Index ට අනුව ලෝකයේ ලොකුම කෝටිපතියා වන එලන් මස්ක්ගේ ධනය, මේ අනපේක්ෂිත කඩා වැටීමත් සමග 9%කින් අඩු වී ති‌බේ. නමුත් ඇ‌.ඩො. බිලියන 243.4 ක ධන සම්භාරයක් සහිතව ඔහු තවමත් මේ දර්ශකයේ අංක 1 හි රැඳී සිටියි.

නමුත් අංක 2 හි සිටි ජෙෆ් බෙසොස්, පසුගිය සතිය අග අංක 3 ට පත්වන්නේ, සිය වත්කම ඇ.ඩො. බිලියන 167 දක්වා අඩු වූ හෙයිනි. ප්‍රංශයේ සුඛෝපභෝගී භාණ්ඩ අලෙවි ජාලයක හිමිකරු වන බර්නාඩ් ආර්නෝල්ට්, ඇ.ඩො. බිලියන 167.5 ක් සමග, ඔහුගේ තැනට පත් ව සිටියි. මෙම ප්‍රංශ ධන කුවේරයා පසුගිය සතියේදී සිය ධනය අහිමි නොකරගත්, ලෝකයේ ලොකුම ධනවතුන් 10 දෙනා අතර සිටින එකම තැනැත්තා ය.

Apple, Microsoft, IBM, Intel වැනි සමාගම් ද පවතින තත්වය යටතේ දැඩි පීඩනයකට ලක් ව තිබෙන අතර, ඉදිරි සතියේ දී ද මෙම පාඩුලැබීම් තවදුරටත් බලාපොරොත්තු විය යුතු බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

පෙර ලිපිය

AMALI JAYAWEERA OUTBOUNDTODAY

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැකෝ සමන් සහ තැඹිලි ළහිරු ගැන අධිකරණය ගත්ත තීන්දුව!

කොළඹ LNW:ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙනවිත් සිටින සංවිධානාත්මක අපරාධ...

එජාපයෙන් සමඟියට ගිය අයට පැනවූ තහනම ඉවතට!

කොළඹ LNW:සමගි ජන බලවේගයට එක්වීම නිසා පක්ෂ සාමාජිකත්වය අත්හිටවනු...

කහ සහ ඉගුරු වගාවටත් හොද කාලයක්!

කොළඹ LNW:වාණිජමය වශයෙන් හා අපනයනය කිරීමේ අරමුණින් වගා කරනු...

අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි සම්පත් මනම්පේරි අධිකරණයට භාරවෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : පසුගිය දා මිද්දෙණිය ප්‍රදේශයේදී...