“ගම සමඟ පිළිසදර” මල්ඵල ගැන්වුණු ගාල්ල

0
318

සෞභාග්‍යමත් ගාල්ල නගරයක් ගොඩනගනු වස් “ගම සමඟ පිළිසඳර” වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කය සඳහා රුපියල් මිලියන 5030 ක ප්‍රතිපාදන 2022 වර්ෂය තුළ ග්‍රාමීය සංවර්ධනය සඳහා වැය කිරීමට අපේක්ෂා කරන බව දිස්ත්‍රික් සම්භන්ධීකරණ කමිටුවේදී අනාවරණය විය. සංවර්ධනයේ ප්‍රතිලාභ කඩිනමින් මහජනතාව වෙත ලබාදීමේ අරමුණින් 2022 අයවැය ප්‍රතිපාදන යටතේ ප්‍රාදේශීය සංවර්ධනය කෙරෙහි ප්‍රමුඛ අවධානයක් යොමු කර මෙම මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරනු ලැබේ.

මෙම ප්‍රමුඛ ව්‍යාපෘතිය මඟින් ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති යටතේ එක් ග්‍රාමනිළධාරී වසමකට රුපියල් මිලියන 03 ක් ලබාදීමට අපේක්ෂිතයි. ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමනිළධාරි වසම් 895 ක් සඳහා ඒ අනුව රුපියල් මිලියන 2,685 ක් වෙන් කෙර තිබේ . පළාත් පාලන කොට්ඨාස 27ක් වෙනුවෙන් රුපියල් මිලියන 04 බැගින් රුපියල් මිලියන 1,080 ක් වෙන්කරනු ලැබේ. ඊට අමතරව ජීවනෝපාය සංවර්ධනය සඳහා ද දිස්ත්‍රික් මට්ටමින් රුපියල් මිලියන 1,100 ක් විමධ්‍යගත වැඩසටහන යටතේ රුපියල් මිලියන 160 ක් ආදී වශයෙන්ම රුපියල් මිලියන 5,030 ක ප්‍රතිපාදන ගමේ සංවර්ධනය උදෙසා ගමට ලැබෙනු ඇත. එක් එක් ව්‍යාපෘති තෝරා ගැනීමේ දී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සංවර්ධන යෝජනා පෙළ ගැස්වීමේදී 40% ක් ජීවනෝපාය සංවර්ධනය වෙනුවෙන් ද 40% ක් පොදු යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ද 10% ක් පරිසර හා තිරසර සංවර්ධනය උදෙසා ද 10%ක් සමාජ සුබසාධනය හා සමා සංවර්ධන සඳහාද දායක කර ගත යුතු වේ.

ගාල්ල දිස්ත්‍රික්කය තුළ සෞභාග්‍යයේ මංපෙත් විවරකරනු වස් මෙම ක්‍රමවේදය මෙහෙයුම් ක්‍රියාවලියක් යටතේ අධීක්ෂණය හා පසු විපරම තුළින් ක්‍රියාත්මක වීමට නියමිතයි . “ගම සමඟ පිළිසදර” හෙට දවසේ තවත් ගමක් එළිය කරනු දැකීම අප හැමගේම බලාපොරොත්තුවයි……

රෂිකා සඳමාලි හෙන්නායක Facebook

Sponsored Article

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here