අර්බුද සියල්ලටම හේතුව වැරදි ආර්ථික ප්‍රතිපත්ති – චම්පික රණවක

Date:

වර්තමානයේදී රටේ ජනතාව මුහුණ දී සිටින සියලු අර්බුදවලට හේතුව ආණ්ඩුවේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. ජනතාව මුහුණ දී සිටින අර්බුද විසඳනවා වෙනුවට එම අර්බුද තව තවත් තීව්‍ර කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

අද පස්වරුවේ තලවතුගොඩදී පැවති, 43 වැනි සේනාංකයේ ජාතික සමුළුව අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

කහ ගැසුණු ගොයම් ගස් දකින ගොවියාට දැනෙන වේදනාව, කහ ගැසුණු තේ ගස් දකින වැවිලිකරුවන්ට දැනෙන වේදනාව ආණ්ඩුවේ නායකයන්ට නොදැනෙන බවත් ජනතා මුදල් සිතූ සිතූ සේ වැය කරමින් ඔවුන් සැප විඳිමින් සිටින බවත් චම්පික රණවක මහතා වැඩිදුරටත් පවසනවා.

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව සිදුකළ දැවැන්ත බදු සහනය හේතුවෙන් රටේ සමස්ත ආදායමෙන් 40% ක් අහිමි වූ බවත් බොහෝ ආර්ථික ගැටලුවලට ප්‍රධාන හේතුව එය බවත් පෙන්වා දෙන මන්ත්‍රීවරයා පවසන්නේ මේ වනවිට විදේශ ණය වාරික පියවීමද දැවැන්ත ගැටලුවක් වී ඇති බවයි. බදු සහන ලබාදීම හේතුවෙන් සාමාන්‍ය ජනතාවට කිසිදු සහනයක් නොලැබුණු බවත්, ඉන් සිදු වූයේ ව්‍යාපාරික පන්තියට තවදුරටත් පාරිභෝගිකයා ගසාකෑමේ අවස්ථාව ලැබීම පමණක් බවත් ඔහු සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...

ආර්ථික වර්ධනය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: 2025 වසරේදී 4.5%කින් පමණ...