69 ලක්ෂයේ ජයග්‍රහණ විනාශ කළේ අපේ නායකයොමයි, වෙන කවුද ? – එස්.බී. (VIDEO)

69 ලක්ෂයක් ජනතාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාදුන් ජයග්‍රහණය විනාශ කළේ තම පක්ෂයේ නායකයින්ම බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.

ජනතාව ඉදිරියට යාම තමන්ට නම් ප්‍රශ්නයක් නොවන බව පැවසූ ඒ මහතා තමන්ව නම් ඉතාම ආදරයෙන් ජනතාව පිළිගන්නා බවයි ප්‍රකාශ කළේ.

එසේම ආර්ථික අර්බුදය යනු එකක් බවත් මැතිවරණ පැවැත්වීම යනු තවත් එකක් බවත් පැවසූ ඒ මහතා ලබන ඔක්තෝබර් මාසයේදී ජනාධිපතිවරණය පැවැත්වීම කිසිවෙකුට වෙනස් කළ නොහැක්කක් බවත් සඳහන් කළේය.

එස්.බී. දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (22) දිනයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

RN