ඇමෙරිකාව හා බ්‍රිතාන්‍යයෙන් හවුති කැරළිකරුවන් ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාර මාලාවක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 23 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යේමනයේ හවුති කැරළිකරුවන් ඉලක්ක කර ගනිමින් ඊයේ රාත්‍රියේත් ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය ගුවන් ප්‍රහාර මාලාවක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම මස මුල් සතියේ සිට ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය හවුති කැරලිකරුවන්ට එරෙහි ඒකාබද්ධ මෙහෙයුම් ආරම්භ කළ අතරයේමනයේ හවුති ඉලක්කයන් වෙත මේ වන විටත් ගුවන් ප්‍රහාර රැසක් එල්ල කිරීමටයි ඔවුන් පියවර ගෙන ඇත්තේ,

ඊයේ (23) රාත්‍රියේ හවුති ඉලක්ක අටක් වෙත ප්‍රහාර එල්ල කළ බව පෙන්ටගනය නිවේදනය කර ඇති.

රතු මුහුදේ ගමන්ගන්නා බටහිර රටවලට අයත් වෙළෙද නෞකා ඉලක්ක කර ගනිමින් හවුති කැරලිකරුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමගයි ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය ඔවුන් ඉලක්ක කර ගනිමින් යුද මෙහෙයුම් ආරම්භ කළේ.

ඊශ්‍රායලය පලස්තීනය ඉලක්ක කර ගනිමින් සිදුකරන ප්‍රහාරයන් අත්හිටුවන තුරු තම ප්‍රහාරයන් අඛණ්ඩව ක්‍රියාත්මක බව හවුති කැරලිකරුවන් නිවේදනය කරනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...