QR පද්ධතියේ පවතින ගැටලු නිරාකරණය කිරීමේ වත්මන් ප්‍රගතිය..

රෂිකා හෙන්නායක මාර්තු 17, කොළඹ LNW :

ශ්‍රී ලංකාවේ ඉන්ධන ලබාගැනීම සඳහා භාවිත කරන QR පද්ධතියේ පවතින ගැටලු නිරාකරණය කිරීමේ වත්මන් ප්‍රගතිය පිළිබඳව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් අද දින කැබිනට් තීරණ දැනුම්දීමේ පවෘත්ති සාකච්ජාවේදී කරුණු පැහැදිලි කළේය.

ඒ අනුව, පැරණි ලියාපදිංචි අංක සහිත වාහන සඳහා පෙර පැවති කේතයන්ම බාධාවකින් තොරව භාවිත කළ හැකි අතර, නව වාහන හිමියන් මුහුණ දුන් තාක්ෂණික ගැටලු මේ වනවිට සම්පූර්ණයෙන්ම විසඳා ඇති බව පැවසීය..

වාහනයක අයිතිය වෙනස් වීමේදී පැනනගින ගැටලු නිරාකරණය කිරීමට දැනට පියවර ගනිමින් පවතින බවත්, ඉතා ඉහළ වේගයකින් පද්ධතියට නව ලියාපදිංචි කිරීම් එක්වන බවත් ඔහු අවධාරණය කරයි.

සමස්තයක් ලෙස මෙම ක්‍රියාවලිය ඉතා සාර්ථකව සහ කඩිනමින් යාවත්කාලීන වෙමින් පවතින බව කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසි අනතුරු අඟවීම් පද්ධතියක් නොමති වීම හේතුවෙන් පාකිස්තානයේ නවජාත ළදරු ඒකකයක දරුවන් 14 දෙනෙකු ජීවිතක්ශයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 17: පාකිස්තානයේ අගනුවර වන...

දුම්රිය වැඩවර්ජනය ඇරඹේ. කාර්යාල දුම්රිය ක්‍රියාත්මක බව දෙපාර්තමේන්තුව කියයි

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම තනතුරෙන් ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 17) දිනයේදී බස්නාහිර, සබරගමුව...

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...