පරීක්ෂා නොකර නිදහස් කළ කන්ටේනර්වල නීතිවිරෝධී දෙයක් තිබුණා නම් වගකීම අපි බාරගන්නවා – නියෝජ්‍ය ඇමති

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කොළඹ වරායේ බහාලුම් නිෂ්කාශනයේ පවතින තදබදය හේතුවෙන් පරීක්ෂාවකින් තොරව නිදහස් කරන ලද බහාලුම් තුන්සියයකට අධික ප්‍රමාණයෙන් යම් නීතිවිරෝධී දෙයක් රටට ඇතුළු වී ඇත්නම් එහි වගකීම තම රජය භාරගන්නා බව වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පවසයි.

“පහුගිය ටිකේ අපේ ආර්ථික සංවර්ධනත් එක්කම අපේ රට තුළට එන ආනයන ප්‍රමාණය වැඩිවුණා. ඒ වැඩිවුණු එකත් එක්ක වරායට කන්ටේනර් 1000ක් වගේ ආනයනය කරන වෙලාවක තිබුණු සම්පත් ප්‍රමාණය තමයි තාමත් තියෙන්නෙ. අපට තියෙන්නෙ RCT, ග්‍රේ ලයින් 1, ග්‍රේ ලයින් 2 කියන යාඩ් තුන තමා මේ වරායේ ඉන්ස්පෙක්ෂන් වලට තියෙන්නෙ. ඉතින් මේවාගේ ධාරිතාවය තියෙන්නෙ දවසකට කන්ටේනර් 600ක් වගේ. නමුත් අපිට වරායෙන් නිෂ්කාශනය කරන්න වෙනවා දවසකට කන්ටේනර්ස් 2000ක් විතර. ඒ මිනිස්සු පැය 24ම වැඩකරලා තමයි මේ 2000 නිරීක්ෂණය කරලා යම්කිසි ප්‍රමාණයක් එළියට යවනවා, ඉතුරු ප්‍රමාණය ඒගොල්ලො නිරීක්ෂණය කරනවා”

ප්‍රශ්නය – ඒ යවපු බහාලුම්වල මත්ද්‍රව්‍ය හරි, නීතිවිරෝධී දේවල් හරි තිබුණොත් ඒකෙ වගකීම ගන්න බැහැ කියලා ඒගොල්ලො කියනවා. එතකොට ඇත්තටම වගකීම ගන්නෙ කවුද එහෙම දෙයක් තිබුණා නම් ?

“ඒක අපිට පරීක්ෂණ කරන්න පුළුවන්. නමුත් එහෙම දෙයක් වුණොත් රජයක් විදියට අපි වගකීම බාරගන්න වෙනවා”

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (ජනවාරි 23) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු සමාජ සදාචාරත්වයට තර්ජනයක්

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු කතා සමාජ සදාචාරත්වයට තර්ජනයක්

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...