ඩීසල්වලට රු.සියය දක්වා සහනාධාරයක්!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:වෙළෙඳපොලේ ඉන්ධන මිල උච්චාවචනයවීම පිළිබඳ සලකා බලා ඩීසල් සඳහා රුපියල් සියය දක්වා සහනාධාරයක් ලබා දීමට තීරණය කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (06) ඩිජිටල් ආර්ථිකයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “ජාතික QR ගෙවීම් ව්‍යාපෘතිය” නිල වශයෙන් ඇරැඹීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

තව සතියකින් ලෝක වෙළඳපොලේ ඩීසල් මිල කොතරම් ඉහළ යාවිදැයි කිව නොහැකි බවද ජනාධිපතිවරයා එහිදී පැවසීය.

“ජාතික QR ගෙවීම් ව්‍යාපෘතිය” හරහා ශ්‍රී ලංකාව කාසි සහ නෝට්ටු භාවිතය අවම වූ (cash-lite) ආර්ථිකයක් කරා මෙහෙයවීම මෙහි අරමුණ වන අතර ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි, රුපියල් 5000 දක්වා වූ සියලුම LankaQR ගනුදෙනු සඳහා වෙළෙඳුන්ගෙන් අය කරනු ලබන සේවා ගාස්තුව (Merchant Discount Rate) සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට මූල්‍ය ආයතන කටයුතු කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරේ සෞඛ්‍ය ශක්තිමත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ අවධානය.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : පවතින ගැටලුවලට කඩිනම්...

නව තෙල් අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව දැඩි පීඩනයකට ලක් වෙයිද?

මැදපෙරදිග තෙල් සැපයුම් බිඳවැටීම් පිළිබඳ නැවත තැති ගැන්මක් ඇතිවූ...

අලි ඇතුන් ආරක්ෂා කිරීමට ත්‍රිවිධ හමුදාවෙන් ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙලක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අලි ඇතුන්ගේ ආරක්ෂාව තවසුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන්...

තවත් හස්තියෙකුගේ ජීවිතේ අනතුරේ: විෂක් හෝ පොලිතීන් ආහාරයට ගත්තාදැයි සැකයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : අම්පාර, සම්මන්තුරේ ප්‍රදේශයේදී...