2026 වෙද්දී වෙනස් වෙන්න යන අධ්‍යාපනය!

Date:

කොළඹ LNW:පවතින තත්ත්වයන් සමාලෝචනය කර 2026 වසර වන විට මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව ප්‍රතිසංස්කරණ සමඟින් දීර්ඝ කාලීන අරමුණු සමඟ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරමින් තිබෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පාර්ලිමේන්තුවේදී අවධාරණය කළාය.

මෙහිදී සෞන්දර්ය,තොරතුරු තාක්ෂණය සහ ගිණුම්කරණය වැනි විෂයන්වල අන්තර්ගතය වඩාත් යෝග්‍ය පරිදි සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බවයි අගමැතිවරිය පැවසුවේ.

”පහුගිය රජය විසින් ඉදිරිපත්කර තිබුණ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න හරියට වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. ඒ නිසා අපි ඒක සමාලෝචනය කරලා 2026 වෙනකොට අපේ ප්‍රතිසංස්කරණ දීර්ඝ කාලීන අරමුණුත් එක්ක ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. සෞන්දර්ය,තොරතුරු තාක්ෂණය සහ ගිණුම්කරණය වැනි විෂයන්වල අන්තර්ගතය වඩාත් යෝග්‍ය පරිදි සංශෝධනය කිරීමක් ඇරෙන්න ඒවා ඉවත් කිරීමක් කරන්න අපට කිසිම බලාපොරොත්තුවක් නැහැ. අපි දකින විදිහට මේ විෂයන් අධ්‍යාපනය තුළ තිබිය යුතුයි. ඒවා අන්තර්ගත විය යුතුයි විෂය මාලාවට. මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරනු ලබන අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් වෙනුවෙන් අපි සූදානම් වෙමින් යන්නේ. විශේෂයෙන් අපි අංශ තුනකින් මැදිහත් වෙන්න බලාපොරොත්තු වෙනවා. අපි අපේක්ෂා කරන්නේ විභාග කේන්ද්‍රීය ක්‍රමයකට වඩා ප්‍රායෝගික,ළමුන්ට බරක් නොවන අධ්‍යාපනයක් ලබාදෙන්න තමයි අපි සැලසුම් කරන්නේ.” යනුවෙන් ඇය තවදුරටත් සඳහන් කළාය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පහළ කඩුගන්නාවේ නායයෑම : මරණ සංඛ්‍යාව 6 දක්වා ඉහළට. මුදාගැනීමේ මෙහෙයුම අවසන්

සටහන - රුවන් නෙළුගොල්ල පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ අද (22)...

ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු හැඟවීම් නිකුත් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය...

පහළ කඩුගන්නාවේ නායයෑම : මරණ සංඛ්‍යාව තවත් ඉහළට. නුවර – කොළඹ මාර්ගය හෙටත් වසාදැමේ !

සටහන - රුවන් නෙළුගොල්ල පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ සිදුවූ නායයාමෙන්...

නගර තුනක ආණ්ඩු විරෝධී ජනරැළි තුනක් ළඟදීම අපි පවත්වනවා – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 22 කොළඹ LNW : ඒකාබද්ධ විපක්ෂයෙන් තවත්...