ශ්‍රී ලංකාවේ පළමු ජාත්‍යන්තර ෆුට්සාල් ජය හ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට

Date:

නිශ්මං රණසිංහ ජනවාරි 24, කොළඹ LNW:

ශ්‍රී ලංකා කාන්තා ෆුට්සාල් කණ්ඩායම ලාංකේය ෆුට්සාල් ඉතිහාසයේ පළමු ජාත්‍යන්තර ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණා.ඒ මාල දිවයින කණ්ඩායම ගෝල 7-6 ක් ලෙස පරාජයට පත් කරමින්.


තරගය පුරාවට සිය දක්ෂතා කළමණාකරනය කර ගැනීමේ දුප්පත්කම නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට මීට පෙර මෙම ජයග්‍රහණය වාර්තා කිරිමට තිබුණ ඉඩ වැළකී ගියා.මෙම තරගයේදී ද එම තත්ත්වය දැක ගැනීමට ලැබුණු අතර මුල් අර්ධයේ ගෝල 3-0 ක් ලෙස ඉදිරියෙන් සිට තරගය අවසාන වන විට 7-6 ක් ලෙස ජයග්‍රහණයේ වර්ගපලය හීන වීම මීට හොඳම උදාහරණය ලෙස ගත හැකියි.


අප මීට පෙර ද කාන්තා කණ්ඩායම මෙන්ම පිරිමි කණ්ඩායම ද තරගය ආරම්භයේදී ඉතා හොඳින් ක්‍රීඩා කර තරගයේ ඉදිරියට යද්දි අතපසුවීම් සිඳු කිරීමේ තත්ත්වය පෙන්වා දුන්නා.මේ තරගයේදී ද එම තත්ත්වය දකින්නට තිබුණ අතර අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකාව සහ මාල දිවයින ගෝල සංඛ්‍යාව සම වෙනු දකින්නට ලැබුණා.නේපාලය සමඟ ලකුණු සම වූ තරගය මෙන්ම පකිස්තානයට හොඳ සටනක් දී පරාජය වූ තරගය ද,ශ්‍රී ලංකාවට ජය ගැනීමේ හැකියාව තිබුණු තරග ලෙස හැඳින්විය හැකි අතර දක්ෂතා අඛණ්ඩව පවත්වාගෙන යාමට නොහැකි වීම මෙන්ම අත්දැකීම් මදකම නිසා නිශ්චිත මොහොතේ දි දැක්විය යුතු ප්‍රතිචාරය ගත යුුතු තීරණය පිළිබඳ අනවබෝධය ද ඒ පසුබෑම් පිටුපස දකින්නට තිබුණා.


එහෙත් දකුණු ආසියානු තරගාවලියේදී පැහැදිළිව ප්‍රදර්ශනය කළ හැකියාවන් සැළකිල්ලට ගෙන ශ්‍රී ලංකා පාපන්දු පරිපාලනය නිරන්තරයෙන් වෙනම ෆුට්සාල් සංචිතයක් පවත්වාගෙන යාම කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වෙනවා.ඉතා අඩු ඉඩක පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් හැටියට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සතුව ඇති වේගය පිළිබඳ සැළකිල්ලට මුල් තැන දෙමින් ෆුට්සාල් කණ්ඩායම් උපක්‍රමිකව එකිනෙකා අතර වන අන්තර් සම්බන්ධතාවයන් නිසි පරිදි නඩත්තු කර ගැනීම පිළිබඳව අවබෝධය යොමු කිරිම වැදගත් වෙනවා.එසේම පාපන්දු ආකෘතියට දුරින් ෆුට්සාල් ආකෘතිය ඇතුළේ වෙනම ක්‍රියාත්මකවීමක් පවත්වාගෙන යාම මෙහිදී අවධානය යොමු කළ යුතු,ශ්‍රී ලංකාවට වඩා යහපත් ප්‍රතිපල අත්කර ගත හැකි ආයෝජනයක් බව ද මෙහිදී සැළකිල්ලට ලක් කළ යුතුයි.

මාල දිවයින තරගය දෙසට හැරුණු විට ශ්‍රී ලංකාව ලද ගෝල 7 න් 3 ක් ම ඉමේෂා වර්ණසූරිය විසින් ලබා ගැනීම කැපී පෙණුනා.තරින්දි වැලිවිට ගෝල 2 ක් ලබා ගත් අතර ඩීලාෂා ඩයස් එක් ගෝලයක් ලබා ගත්තා.ශ්‍රී ලංකාව එක් ගෝලයක් වාර්තා කළේ ඔන් ගෝලයක් ලෙසයි. මාල දිවයින ක්‍රීඩිකාවක් ගෝලයක් නවත්තන්නට යාමේදී එය ඔවුන්ගේ දැල තුළට යොමු වීමෙන් ශ්‍රී ලංකාවේ හත්වන ගෝලය වාර්තා වුණා.
මේ ආකාරයටම ඩිලාෂා ඩයස් අතින් සහ දැල රකින අශානි ඉමේෂා අතින් ද මාල දිවයිනට ගෝල හයෙන් දෙකක්ම ඔන් ගෝල ලෙස හිමි වුණා.තරගයේ දී ඩිලාෂා ඩයස් සිය අත්දැකීම් සමඟ ක්‍රීඩා කළ ආකාරය කැපී පෙණුනාතඇයට සෙසු ක්‍රීඩිකාවන්ට වඩා ඇති වේගයෙන් පන්දුවට පා පහර එල්ල කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ලැබුණු කදිම සාක්ෂිය වූයේ පිටිය මැද කොටසට වෙන්නට සිට ඇය එල්ල කළ පහරින් ලැබූ ගෝලය සහ ඉමේෂාගේ තෙවන ගෝලය වෙනුවෙන් පන්දුව ඇයට ලබා දුන් ආකාරයයි.


එහෙත් ඩිලාෂා එම වේගය මෙන්ම ෆුට්සාල් ගෝලයේ දිග පළල සහ උස ගැන අවබෝධයක් ඇතුව ක්‍රියා කරන්නේනම් ඇයට ෆුට්සාල් කේෂ්ත්‍රෙය් විශාල අනාගතයක් හිමියි.පන්දුව එකිනෙකා අතර හුවමාරුවෙන් ක්‍රීඩා කිරීමේදී එසේ නොකරන අවස්ථා මෙන්ම,නිවැරදිව ඉලක්කයට එය සිඳු නොවීම,රිද්මයන් හී අසමාන බව ආදි කරුණු නිරන්තර පුහුණුවෙන් පොහොසත් කර ගත හැකි කරුණු වන අතර ගෝල ලබා ගැනීමට අසමත් වුව ද,මේ තරගයේදී ද තර්මිකා සිවනේෂ්වරන්සාපේක්ෂා හොඳ කළමණාකරනයක් සහිතව ක්‍රීඩා කරන බවක් තරගාවලිය පුරාම විඳහා පෙන් වූවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව සහ යුරෝපා සබඳතා පළුදු වෙයිද?

රෂිකා හෙන්නායක ජනවාරි 24, කොළඹ LNW : ඇෆ්ගනිස්ථාන යුද්ධයේදී නේටෝ (NATO)...

Border 2 සාර්ථක ගමනක..

රෂිකා හෙන්නායක ජනවාරි 24 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Border 2 ගිය...

පොඩ්ඩන් ඉස්සරහා ලොකු වැඩ දාපු කොල්ලන් සොක්කන් වූ දවසක්

නිශ්මං රණසිංහ ජනවාරි 24, කොළඹ LNW: ශ්‍රී ලංකාව මෙවර ලෝක...

මෝටර් රථයක් වැනි දෙයක් වෙනුවෙන් රුපියල් බිලියන ගාණක් වියදම් කරන්න තර​ම් මං මෝඩ නෑ – ඩඩ්ලි සිරිසේ​න

මෑතකදී අතිශය කතාමැ​වූ ඩඩ්ලි සිරිසේ​න මහතාගේ ​රෝල්ස් රොයිස් Phantom...