පොඩ්ඩන් ඉස්සරහා ලොකු වැඩ දාපු කොල්ලන් සොක්කන් වූ දවසක්

Date:

නිශ්මං රණසිංහ ජනවාරි 24, කොළඹ LNW:

ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලාන තරගාවලියට පිවිසුණේම වාර්තාගත ලකුණු පූවරුවක් සමඟින්.ඕනෑම කඩුල්ලක් සඳහා වන වාර්තාව ද,විරාන් චමුදිත විසින් රැස් කරන්නට යෙදුණ වැඩිම ලකුණු සහිත ඉණිම වූ 192 ද සමඟ වාර්තාගත ජයක් වාර්තා කරද්දී ද,අයර්ලන්ත තරගය පහසුවෙන් ජය ගනිද්දී ද,ශ්‍රී ලංකාව අඩුම තරමේ ජපානය සහ අයර්ලන්තයට වඩා හොඳ සටනක් ඔස්ට්‍රේලියාවට ලබා දෙනු ඇතැයි බලාපොරොත්තුවක් තිබුණා.එහෙත් අවාසනාවන්ත ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 58 ට සියළු දෙනා දැවී ගියා.ඉලක්කම් දෙකේ සංඛ්‍යාවලින් කණ්ඩායමට දායකත්වය ලබා දුන්නේ චිාමික හීනටිගල (14) සහ කවීජ ගමගේ (10) පමණයි.


ඔස්ට්‍රේලියානු වේග පන්දුව ඉදිරියේ ශ්‍රී ලංකා පිතිකරුවන් දැඩිව අසරණව සිටියා.ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළ අවදියේ ශ්‍රී ලංකා පිතිකරුවන් ප්‍රතිවාදී පිළේ කඩුල්ල පිටුපස පන්දු රකින ක්‍රීඩකයන්ට විවේකයක් ලබා නොඳුන් අයුරෙන්,මේ තරගයේ දී ද ස්ලිප් වෙත සහ කඩුලු රකින්නා වෙත උඩ පන්දු දි ශ්‍රී ලංකා පිතිකරුවන් දැවී ගියා.කඩුල්ලෙන් පිටතට ඇඳෙන පන්දුව සිරුරට ඈතින් තබා ගෙන පිත්ත හැන්දක් සේ යොමු කිරීම සෑම පිතිකරුවෙකු තුළින්ම පාහේ දකින්නට ලැබුණ දුර්වලතාවයක් වුණා.


එසේම මුල් කඩුලු දෙක පමණ දැවී ගිය පසු නොතිබිය යුතු චකිතයකින් ක්‍රීඩා කරන බව ඔවුන්ගේ ශරීර ප්‍රකාශනයන්ගෙන් ඒත්තු ගැන් වුණා.ඒ නිසා කණ්ඩායමේ මානසික බිඳ වැටීමේ ප්‍රතිපලය ශ්‍රී ලංකාව වැනි රටකට නොගැලපෙන ලකුණු පූවරුවක් ඉතුරු කරනු ලැබුවා.වැටුණු විට නැවත නැගිටින්නට හෝ ගොඩ ගන්නට නොහැකි ආත්ම විශ්වාසය මේ ක්‍රීඩකයන් තුළ ඇති ප්‍රබලම අඩු පාඩුව බව පැහැදිළි කරමින් විල් බයිරොම්ට ලකුණු 14 ට කඩුලු 5 ක් ම ලබා දෙන්නට ශ්‍රී ලංකා පිතිකරුවන් කටයුතු කළා.


පිළිතුරු ඉණිම තුළ ඔස්ටේලියාවේ ජය පමා කළේ ලාංකේය සම්භවයක් සහිත නිට්ෂේ සැමුවෙල් වන අතර ඔහු මේ තරගයේදී ද නොදැවී සිටිමින් තරගාවලියේ ප්‍රතිවාදින්ට ගොඳුරු නොවූ ඔස්ට්‍රේලියානු පිතිකරුවා ලෙස කැපී පෙනනවා.පළමු කඩුල්ල ඔවුන්ට අහිමි කරන්නට රසිත් නිම්සර සමත් වුව ද,ඉනික්බිති ස්ටිවන් හොගන් (28) සහ නිට්ෂේ (19) එක්ව කණ්ඩායම එක් කඩුල්ලකට ලකුණු 62 දක්වා ගෙන ගියා.හොගන්ට පන්දු 27 ක් ලකුණු 28 සඳහා ප්‍රමාණවත් වුව ද,නිට්ෂේ සිය ලකුණු ප්‍රමාණය වෙනුවෙන් පන්දු 40 ක් වැය කළ නිසා ඔස්ට්‍රේලියාවට මේ තරගය ජය ගන්නට පන්දු ඕවර් 12 ක් ගත වුණා.නිඨ්ෂේගේ මන්දගාමී ඉණිම නොවන්නට ඊට අඩු ඕවර් ගණනකින් ඔස්ට්‍රේල්යාවට ජය ගැනීමට තිබුණ මේ තරගයේ ලකුණු සටහනට පහතින් පිවිසිය හැකියි.
https://bit.ly/4jXHPbY
ඡායාරූපයේ දැක්වෙන්නේ කඩුලු 5 ක් දවා ගත් විල් බයිරොම් ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...