නිශ්මං රණසිංහ ජනවාරි 24, කොළඹ LNW:
මැලිබන් කුසලානය වෙනුවෙන් පවත්වන අන්තර් ක්‍රීඩා සමාජ රග්බි ලීග් තරගාවලියේ 23 වන සිකුරාදා සහ 24 වන සෙනසුරාදා පැවති තරගවලදී විශාලම ජයග්‍රහණය වාර්තා කරන්නට මහනුවර ක්‍රීඩා සමාජයත්,සටන්කාමී පරාජයේ ගෞරවය දිනා ගන්නට ගුවන් හමුදා කණ්ඩායමටත් හැකි විය.මහනුවර කණ්ඩායම යුද හමුදා කණ්ඩායමට එරෙහිව 62 – 17 ක ජයක් හිමිකර ගත් අතර මහනුවර ක්‍රීඩා සමාජය සමඟ පැවති තරගය ජය පරාජයෙන් තොරව නිමා කර ගනිමින් කැපී පෙණුන සීඑච් ඇන්ඩ් එෆ්සී කන්ඩායමට එරෙහිව පැවති තරගයේදී ගුවන් හමුදා කණ්ඩායම පරාජයට පත් වූයේ ලකුණු 31 – 29 ක් වශයෙනි.

පොලිස් ක්‍රිඩා සමාජය සහ හැව්ලොක් කණ්ඩායම් අතර හමුව පොලිස් ක්‍රීඩාංගණයේදී සිඳු වූ අතර එහිදී හැව්ලොක්ස් කණ්ඩායම,පොලිස් කණ්ඩායම පරාජය කරමින් ලකුණු 29 – 17 ක් ලෙස තරගය ජය ගන්නට සමත් විය.ජනවාරි 23 වන දා පොලිස් ර්‍ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේදී විවේක කාලය වන විට සිය සත්කාරක පිටියේ දී අසල්වැසි හැව්ලොක් ක්‍රීඩා සමාජයට එරෙහිව 17 – 12 ක් ලෙස පෙරමුණ ගන්නට පොලිස් ක්‍රීඩා සමාජය සමත් විය.එහෙත් දෙවන භාගයේදී සිය ආරක්ෂක බලමුළු තර කර ගත් හැව්ලොක්ස් ක්‍රීඩකයින් කිසිඳු ලකුණකට පොලිසියිට ඉඩ ලබා නොදෙමින් ලකුණු 17 ක් පළමු අර්ධයේදී ලබා සිටි ලකුණු ප්‍රමාණයට එක් කරන්නට සමත් විය.

නිත්තවෙලින් නික්ම පනාගොඩට පැමිණ යුද හමුදා කණ්ඩායම හමු වූ මහනුවර ක්‍රීඩා සමාජය යුද හමුදාවට එරෙහිව පළමු අර්ධය සඳහා තරගය නවත්වන විට ලකුණු 20 – 05 ක් ලෙස පෙරමුණ ගෙන තිබිණ.දෙවන අර්ධයේදි මහනුවර ක්‍රීඩා සමාජය තමන් ක්‍රීඩා කරන තරගයේ පිටිය හිමිකරුවන් අසරණ කරමින් තවත් ලකුණු 42 ක් සිය ලකුණු පූවරුවට එකතු කර ගත්තේ සත්කාරක යුද හමුදාවේ මුළු ලකුණු ප්‍රමාණය 17 ට සීමා වෙන්නට හරිමින්ය.

ලොන්ඩන් පෙදෙදේදී හමු වූ සීඑච් කණ්ඩායම සහ ගුවන් හමුදා කණ්ඩායම අතර තරගයේදී පළමු අර්ධය ගෙවෙන විට ලකුණු 3 ක් පමණක් ලබා ඒ වන විට ලකුණු 17 ක් ලබා සිටි සීඑච් කණ්ඩායමට අදහා ගත නොහැකි අභියෝගයක් වෙමින් දෙවන අර්ධයේදී ගුවන් හමුදාව විසින් තවත් ලකුණු 26 ක් රැස් කරන්නට යෙදිණ.ඒ අවසරයේ සීඑච් ක්‍රීඩකයින් ලකුණු 14 ක් පමණක් ලබා ගත් අතර පළමු අර්ධයේදී විශාල වශයෙන් පරතරය තබාගෙන පෙරට පැමිණීම නිසා සීඑච් කණ්ඩායමට ලකුණු 31 – 29 ක් ලෙස සියුම් ජයග්‍රහණයක් භූක්ති විඳන්නට අවස්ථාව ලැබිණි.



