පැරදුණත් ලංකාව ඉස්සෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 24, කොළඹ LNW:

දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ ඉන්දියාව සමඟ පැවති තරගය ගෝල 4-1 ක් ලෙස පරාජය වුව ද,ශ්‍රේණිගත කිරීම්වල භූතානයට ඉදිරියෙන් සිටිමේ හැකියාව එයින් සනාත කර ගන්නට ශ්‍රී ලංකාවට හැකි විය.භූතාන පිරිමි කණ්ඩායම ඉන්දියාව ඉදිරයේ ගෝල 11 ක ප්‍රහාරයකට ලක්වීම පදනම් කරගෙන ගෝල ලැබීම සහ ප්‍රතිවාදීන්ට ලැබීම සළකා බලා සමාන පරාජයන් සහ ලකුණු සම කිරිමක් සමඟ පෙළ ගැසී සිටියද ශ්‍රී ලංකාව පියවරක් ඉදරියෙන් ඇත.


තරගයේ ශ්‍රී ලංකාව ලද ගෝලය මොහොමඩ් තාලීම් වාර්තා කළ අතර තරගයේ මුල් අර්ධය මේ තරගයේදී උණුසුම් සටන්කාමීත්වයක් ගත්තේය.ශ්‍රී ලංකාව පළමු අර්ධය නිමාවට පත්වන විට ගෝල 4-1 ක් ලෙස පසුපසින් සිටිය ද දෙවන අර්ධයේ ඒ සටන්කාමීත්වය නිසා දෙපිළිටම ගේල අහිමි විය.


සාමාන්‍ය ආකාරයට බලන විට ශ්‍රී ලංකාවේ පිරිමි කණ්ඩායම සහ කාන්තා කණ්ඩායම යන කණ්ඩායම් දෙකම මේ දක්වා තරගාවලියේ දී පෙන්නුම් කළේ මුල් භාගය හොඳන් ක්‍රීඩා කිරීමක් සහ දෙවන භාගය සහ අවසානයට එන විට තරගයේ රැදී සිටීමේ ගුණය බිඳ ගැනීමක්ය.එහෙත් මේ තරගයේදී ඒ දුර්වලතාවයෙන් මිදීමට ශ්‍රී ලංකා ක්‍රීඩිතයෝ සමත් වූහ.දෙවන අර්ධයේදී කිසිඳු ගෝලයක් වාර්තා කරන්නට ඉඩ නොදෙමින්,දෙපිළම හොඳ තරගයක් ඇති කර ගත්තේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...