මහනුවර ඉඩ නෑ. නැදුන්ගමුවේ රාජා හස්තියාගේ සිරුර ගැන තීරණයක්

Date:

නැදුන්ගමුවේ රාජා හස්තියා සංරක්ෂණය කිරීම සඳහා යෝජනා වූ ස්ථාන වන මහනුවර අස්ගිරි මහවිහාරය, ගැටඹේ රාජෝපවනාරාමය සහ බෝගම්බර බන්ධනාගාර භූමිය පිළිබඳව සොයා බැලීම සඳහා අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඇතුළු කෞතුකාගාර දෙපාර්තමේන්තු ප්‍රධානීන් පසුගිය දා මහනුවර එම ස්ථාන වෙත ගොස් තිබේ.

අස්ගිරි පාර්ශ්වයේ අති පූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ , පේරාදණිය ගැටඹේ රාජෝපවනාරාමයේ හි වත්මන් විහාරාධිපතිධූරය දරන අතිපූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමිපාණන් වහන්සේ මුණ ගැසී මේ පිළිබඳව ඔවුන් අනුශාසනා ලබාගත් බව සඳහන්.

මේ වනවිට එම විහාරස්ථානයන් හි ඉඩකඩ සීමා සහිත වන බැවින් ද බෝගම්බර බන්ධනාගාර භූමියේ නව ඉදිකිරීම් හි අවසාන සැලසුම් සකස් වී නොැමැති බැවින් ද පහසුවෙන් ජනතාවට නැඳුන්ගමුවේ හස්තිරාජයා දැකබලා ගැනීමට ඉඩ සලසමින් ජාතික කෞතුකාගාර භූමියේ මෙම සංරක්ෂණ කටයුතු සිදු කිරීමට අමාත්‍යවරයා ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තු ප්‍රධානීන් සමඟ සාකච්ඡා කර තීරණය කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසරේ යොවුන් ඡායාරූප ශිල්පියාට හිමි සම්මානය වෙනුවෙන් තරඟකරුවන් 11ක්!

සටහන - පුලී පෙබරවාරි 02, LNW (කොළඹ): යෞවනයන්ට අපේ ලෝකය...

ඇමති නලින්දගෙන් සජබ නිරෝෂන්ට රු. බිලියනක එන්තරවාසියක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස...

සෝන්ඩර්ස් පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: චැම්පියන්ස් පාපන්දු ලීගයේ සුපිරි...

ඉන්දීය 2026-27 අයවැය මගින් විදේශ ආධාර ලබාදීමේ ප්‍රමුඛතාවන්හි පැහැදිලි වෙනසක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026-27 මූල්‍ය වර්ෂය...