මහනුවර ඉඩ නෑ. නැදුන්ගමුවේ රාජා හස්තියාගේ සිරුර ගැන තීරණයක්

Date:

නැදුන්ගමුවේ රාජා හස්තියා සංරක්ෂණය කිරීම සඳහා යෝජනා වූ ස්ථාන වන මහනුවර අස්ගිරි මහවිහාරය, ගැටඹේ රාජෝපවනාරාමය සහ බෝගම්බර බන්ධනාගාර භූමිය පිළිබඳව සොයා බැලීම සඳහා අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඇතුළු කෞතුකාගාර දෙපාර්තමේන්තු ප්‍රධානීන් පසුගිය දා මහනුවර එම ස්ථාන වෙත ගොස් තිබේ.

අස්ගිරි පාර්ශ්වයේ අති පූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ , පේරාදණිය ගැටඹේ රාජෝපවනාරාමයේ හි වත්මන් විහාරාධිපතිධූරය දරන අතිපූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමිපාණන් වහන්සේ මුණ ගැසී මේ පිළිබඳව ඔවුන් අනුශාසනා ලබාගත් බව සඳහන්.

මේ වනවිට එම විහාරස්ථානයන් හි ඉඩකඩ සීමා සහිත වන බැවින් ද බෝගම්බර බන්ධනාගාර භූමියේ නව ඉදිකිරීම් හි අවසාන සැලසුම් සකස් වී නොැමැති බැවින් ද පහසුවෙන් ජනතාවට නැඳුන්ගමුවේ හස්තිරාජයා දැකබලා ගැනීමට ඉඩ සලසමින් ජාතික කෞතුකාගාර භූමියේ මෙම සංරක්ෂණ කටයුතු සිදු කිරීමට අමාත්‍යවරයා ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තු ප්‍රධානීන් සමඟ සාකච්ඡා කර තීරණය කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන විරෝධතා අතරතුර මියගිය සංඛ්‍යාව නිල වශයෙන් තහවුරු කරයි; මරණ සංඛ්‍යාව 3,117 දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 2025 දෙසැම්බර් 28...

සත්‍යයේ මධුවිත ද මායා කුසලානවලින් අපි බිව්වෙ ?

සංතාප ගංතෙරේ‍,ඇතැම් විට සංතෝෂ ගිරි හිසේනිරන්තරයෙන් ඔබමොබ යනෙනඅපේ බර...

පළමු අර්ධයේ කරට කර සිට දෙවන අර්ධයේදී බින්දුවට වැටුණ ශ්‍රී ලංකා කාන්තාවන්ට දරුණ පරාජයක්

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: දකුණු ආසියානු ෆුට්සාල් තරගාවලිය...