ප්‍රගීත් අතුරුදන් කර වසර 13 යි. සන්ධ්‍යා අදත් සත්‍යග්‍රහයක !

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කර අදට (24) වසර 13ක් සපිරේ.

2010 ජනවාරි 24 වනදා කොළඹ තදාසන්න ප්‍රදේශයේකදී පැහැරගෙන යන ලද ඒ මහතා පිළිබඳව මෙතෙක් අධිකරණයක් හමුවේ යුක්තිය තහවුරු කර නොමැත.

ඒ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය අද දිනයේත් මෝදර කාලි අම්මන් කෝවිලේදී සත්‍යක්‍රියාවක නිරත වූවා ය. ඒ, ප්‍රගීත් එක්නැළිගොඩ මහතා සහ ඒ මහතා මෙන්ම යුක්තිය අහිමිවූ සියල්ලන් වෙනුවෙනි.

ශ්‍රී ලංකාවේ ජන මාධ්‍ය මර්දනය සහ අපරාධ මුක්තිය පිළිබඳ සංකේතයක් වශයෙන් ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ ඉරණම අදටත් කවුරුත් දන්නා රහසක් වශයෙන් සැඟව පවතී.

RN