වෙල්ලාලගේ අසලංකගේ තැනට එයි

Date:

අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියක අර්ධ අවසාන පූර්ව වටයට අවසාන වරට ශ්‍රී ලංකා කණ්ඩායමක් පැමිණ තිබෙන්නේ 2016 දී වන අතර එහිදී කණ්ඩායම මෙහෙයවා ඇත්තේ වර්ථමාන ශ්‍රී ලංකා එක්දින සහ 20/20 කණ්ඩායම්වල විශිෂ්ඨ දක්ෂතා දක්වන ක්‍රීඩකයෙක්ව සිටින චරිත අසලංකය.එදා ඔවුන් අවසාන පූර්ව තරගය දක්වා පැමිණ වර්ථමාන ඉන්දීය කණ්ඩායම නියෝජනය කරන ප්‍රහාරාත්මක පිතිකරු ඉෂාන් කිශාන්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායමට පරාජය වී ඇති අතර එම කණ්ඩායමට රිෂාබ් පාන්ට් සහ වොෂින්ටන් සුන්දර් ද ඇතුළත්ව තිබිණි.

චරිත් අසලංකගේ නායකත්වය සහිතව තරග වැදි ශ්‍රී ලංකා කණ්ඩායමට අවිශ්ක ප්‍රනාන්දු,අසිත ප්‍රනාන්දු,ලහිරු කුමාර මෙන්ම වර්ථමානයේ ලොව හොඳම 20/20 පන්දු යවන්නා වන වනිඳු හසරංග ද ඇතුළත් විය.එදා ශ්‍රී ලංකා කණ්ඩායම අර්ධ අවසන් පූර්ව තරගයේදී එංගලන්තය පරාජය කරමින් අවසාන පූර්ව තරගයට පිවිසි අතර මෙවර දුනිත් වෙල්ලාගේ නායකත්වයෙන් තරග වඳින ශ්‍රී ලංකා කණ්ඩායමට සිය අර්ධ අවසන් පූර්ව තරගයේදී හමුවන්නට නියමිතව ඇත්තේ ඇෆ්ගනිස්තාන කණ්ඩායමය.

මෙවර අර්ධ අවසන් පූර්ව තරගයේදී දුනිත් ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායමට මුණ ගැසෙන ඇෆ්ගන් කණ්ඩායම එදා මූලික තරග වටයේ දී ශ්‍රී ලංකාව තරග වැදි කාණ්ඩයෙන් තරග වැදුණු අතර එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පහසුවෙන් ඇෆ්ගන් ක්‍රීඩකයෝ පරාජය කළහ.ඒ ඉතිහාසය සළකා බලද්දී ශ්‍රී ලංකා කණ්ඩායමට බොහෝ විට අවසාන පූර්ව වටයට පිවිසීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම පරාජය කිරීම අපහසු කාර්යයක් නොවනු ඇතැයි සිතිය හැකිය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...

එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : පසුගිය දා සිදු...

පව් අනිත් පිටවල්වලත් බැදීමට ප්‍රමෝදය සූදානම් වෙයි…

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ශාරිරික යෝග්‍යතාවය වැනි කරුණු...

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳ චීනයෙන් යළි දැඩි විරෝධයක්!

කොළඹ LNW:ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම...