*
Sunday, September 29, 2024
spot_img

Latest Posts

දැල අසළ දස්කම්වලින් පිරුණු 2022 නෙට්බෝල් සටන

මෙවර ජාතික නෙට්බෝල් සූරතාවලියේ අවසාන තරගයට පිවිසි හැටන් නැෂනල් බැංකු කණ්ඩායම සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම් දැල අසළ සිට ලකුණු ලැබීමට සහ වැළක්විමට ගත් විශිෂ්ඨ උත්සාහයන් නිසා එම අවසාන තරගය අතිශයින් තියුණු තරගයක් විය.දෙවරක්ම ලකුණු සම වූ අවසාන තරගය අවසානයේ කණ්ඩායමක් ලකුණු දෙකක් ඉදිරියට යන තෙක් පවත්වාගෙන යන මොහොතේදි හැටන් නැෂනල් බැංකු කණ්ඩායමට ජය හිමි වෙමින් අවසන් වූයේ ලකුණු 49 – 47 ක් ලෙස ය.

ජාතික සූරතාවය රැක ගැනීම සඳහා සටනට පිවිසි හැටන් නැෂනල් බැංකු කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට ගුවන් හමුදා කණ්ඩායම එල්ල කළ ප්‍රබලම අභියෝගය ගොඩ නැඟුණේ ගුවන් හමුදා දැල අසළ තාප්පයක් මෙන් ක්‍රියාත්මක වූ හිටපු ශ්‍රී ලංකා නායිකා චතුරංගි ජයසූරියගෙන් ය.සිය අත්දැකීම් මෙන්ම ශාරිරික යෝග්‍යතාවයද කදිමට විදාහළ චතුරංගි හැටන් නැෂනල් කණ්ඩායමට දුන්න විශාල අභියෝගය නිසාම තරගයේ දක්ෂතම ආරක්ෂක පෙළ ක්‍රීඩිකාව වූයේ තරගය ගුවන් හමුදාව ජය ගත්තේනම් නෙට්බෝල් රැජීණිය වීමට ඇයට තිබූ අවස්ථාව පැහැදිළි කරමින්ය.

ඊට නොදෙවැනි ක්‍රීඩා විලාශයක් පෙන්වමින් හැටන් නැෂනල් දැලට එල්ල වූ ප්‍රහාරයන් වළක්වන්නට කටයුතු කළ මල්මී හෙට්ටිආරච්චි සිය තාරුන්‍යයේ ජව සම්පන්න බව තරගයේ ගෙවෙන මොහොත නිවැරදිව අවබෝධ කර ගනිමින් මුදා හැරියේ අත්දැකීම් බහුල ක්‍රීඩිකාවන්ගේ ප්‍රහාරයන්ට වැට බඳිමින්ය.ඇය හැටන් නැෂනල් කණ්ඩායම වෙනුවෙන් කරන ලද එම දස්කම නිසාවෙන් මෙවර දැල් පන්දු රැජිණ ලෙස කිරුළු පැළන්දේය.

චතුරංගි ජයසූරිය පුමුඛත්වය ගත් ගුවන් හමුදා ආක්‍රමණයේ හිදැස් අතරට අපහසුවෙන් ඇතුළ් වෙමින් සිය අත්දැකීම් සමඟ ලද සංයමය ද යොදා ගැනිමින් කල්පනාවෙන් ජයග්‍රාහි ලකුණු සොයා ගිය හැටන් නැෂනල් දැල විඳින්නිය මෙන්ම නායිකාව ද වූ දර්ශිකා අබේවික්‍රම මෙහිදී හොඳම දැල විඳින්නිය වූවා ය.හැටන් නැෂනල් කණ්ඩායමට මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට මැද පෙළට ශක්තියක් වන දුලංගි වන්නිතිලක සහ ගයංජලි අමරසූරියගේ ශක්ති සම්පන්න මැදිහත් වීම මෙහිදී ද දකින්නට ලැබුණ අතර ඒ අතරින් අවසානයේ ගයංජලි දක්ෂතම මැදපෙළ ක්‍රීඩිකාව ලෙස සම්මානනිය විය.

මෙහිදී දෙපිළටම අත්දැකීම් බහුල ක්‍රීඩිකාවන් ක්‍රීඩා කිරීම කැපී පෙණුන අතර පෙණුමෙන් වඩාත් ජවසම්පන්න තරුණ කණ්ඩායම වූ හැටන් නැෂනල් කණ්ඩායමට ස්වීය අත්දැකීම සමඟ තවමත් තාරුණ්‍යයද නොවෙනස්ව පවතින බව පැහැදිළි කරන්නට ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ සමත් වූහ.ජාතික මට්ටමෙන් ඇගයීමක් නොලැබෙන පුහුණුකාරියක වන රූබා ජයලාල් මෙවර ද තමන් සතු කුසලතාවයේ හඬ ගුවන් හමුදා ක්‍රීඩිකාවන්ගේ හැකියාවන් හරහා නො’ඇසෙන,නො’දකින ක්‍රීඩා බලධාරීත්වය ප්‍රදර්ශනය කළා ය.සියුම්ව තරගය මෙහෙයවන ඇයගේ සූක්ෂමතාවය නිසා ජාතික සහය පුහුණුකරු ධූර සම්බන්ධයෙන් අත්දැකිම් ඇති හැටන් නැෂනල් පුහුණුකාරී ශසිකා සමරසිංහ ට සිය කණ්ඩායමේ ජාතික සූරතාවය රැක ගන්නට විශාල උත්සාහයක් දරන්නට විය.

මාතෘත්තවයෙන් ඉතා සුළු කාලයකට පසුව චතුරංගි ජයසූරිය නැවතත් සිය සිරුරේ හැඩයත්,ශාරිරික යොග්්‍යතාවයත් ඉතා ඉහළ මට්ටමකට කැඳවාගෙන තිබෙන බව මෙම තරගය හරහා පැහැදිළි වූ සත්‍යයකි.එසේම ගුවන් හමුදාවේ දුලංගාගේ දුර සිට කරන දැල විඳීම මේ තරගාවලියේ අවසාන තරගයට අපූරු ආලෝකයක් එක් කරාය.සය මසක දරු සිඟිත්තෙකුට රැකවරණය දෙන අතරේ ඇය තරගය පුරා රැඳෙමින් තමන්ගේ අත්දැකීම් හරහා සිරුර සහ දක්ෂතා කළමනාකරණය කර ගනිමින් පෙන් වූ දස්කම් ඉහළ මට්ටමක තිබිණ.

තරගයේ දැල අසල රැඳෙමින් රැජිණිය වූ මල්මී හෙට්ටිආරච්චිට සිය නිදහස උපරිමය විදහා පෙන්වන්නට ඇය සමඟ ආරක්ෂාවට රැඳුණු ජාත්‍යන්තර මට්ටමේ ඇගයිම් ලැබ තිබෙන ක්‍රීඩිකාවක් වන ගයනි දිසානායකගේ දායකත්වය බෙහෙවින් හේතු වන්නට ඇත.එසේම ගුවන් හමුදා කණ්ඩායමේ ආරක්ෂාව වෙනුවෙන් චතුරංගිගේ දක්ෂතාවයට තිවංකාගේ සහය ද යහමින් ලැබුණු බැවින් සහ දෙපිළේම දැල විඳින්නියන් ඒවා මඟ හැරවන්නට දැක් වූ සූක්ෂම උත්සාහයන් නිසා ද සමස්ත අවසාන තරගයේම ප්‍රේක්ෂක ආනන්දයට තුඩු දෙන දසුන් වැඩිපුර රැඳී තිබුණේ දෙපිලේ දැල් අසළය.මේ ක්‍රීඩක දක්ෂතා හරහා මතු කර ගත හැකි ඉහළම වටිනාකම ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පිටියේ බොහෝ විට ජයග්‍රහණ මඟ හැරෙන ආරක්ෂාව සම්බන්ධ හොඳ සංයුතියක් මේ තරගාවලියේ හැකියාවන් මතින් පෙළ ගස්වා ගන්නට අවස්ථාව දකින්න තිබිමය.

සජීවී තරග විස්තර විචාරයට එක්වෙමින් ජාතික පුහුණුකාරි හයසින්ත් විජේසිංහ ගොඩ බදා ගැනීමේ ස්වභාවය මෙහිදී ද ප්‍රදර්ශනය කළාය.ඇයගෙන් බලාපොරොත්තු වන තාක්ෂණික ආවරණය වෙනුවට ඇය නෙට්බෝල් පරිපාලනය සම්බන්ධයෙන් ඇගයිය යුතු නිවේදිකාවගේ වගකීම ද භාර ගත්තාය.ජාතික පුහුණුකාරියක ලෙස ශ්‍රී ලංකාවට පමණක් නොව වෙනත් රටවලට ද සේවය ලබා දී අත්දැකීම් ඇත්තියක වන හයසින්ත් නිවේදනයට දැණුමට අමතරව බස කළමනාකරණය ද අවශ්‍යය බව අවබෝධයෙන් නොසිටි බව ද මෙහිදි පැහැදිළි කළාය.බලය යන්න කළමණාකරණය නොකර වඳුරාගේ කඩුව සේ වැනීමට ඇති දෙයක් බව සිතන්නට යාම නුසුදුසු වන අතර මේ තරගාවලියේ ප්‍රතිපල වඩාත්ම වටිනා තැනත්තිය ලෙස ඇය ඒවා ගොනු කර ගත යුතුව තිබුණේ මයික් එකක් මත නොරැඳී ඉතා ඉවසිලිවන්තවය.සමහර විට එය වගකීම බව දන්නා අත්දැකීම් ඇති හයසින්ත්, ඒ නිසාම තමන් ඉල්ලා ලබා ගත් ප්‍රචාරන වගකිම පසුව ඇති කළ පීඩනය නිසා ඇතැම් වචන අමතක වූවා වෙන්නට ද පුළුවන්ය.තේජානිගේ රස බසට හයසින්ත්ගේ තාක්ෂණික දැණුම පමණක් රසවත්ම බසකින් එකතු වූවා නම් එය ද ජාතික මට්ටමේ හැඩේම නිවේදනයෙන්ද එකතු වූ තරගාවලියක් වෙන්නට තිබිණ.

විශේෂයෙන් අවසාන පූර්ව තරගයේදි අනු සූර ගුවන් හමුදාවට යුද හමුදාව වෙතින් ද ලකුනු සමවීමකට මුහුණ දෙන්නට සිදු වූ අතර එයින් හැඟවෙන්නේ කණ්ඩායම් තුනක් යම් සමාන ම්ට්ටමකින් ජාතික සූරතාවයට අභියෝග කළ තරගාවලියක් බවට මෙම තරගාවලිය පත්ව තිබූ බවය.එයින් ප්‍රතිපල රටේ ක්‍රීඩාවට එකතු කර ජයග්‍රහණය දෙසට හැරවීමේ වගකීම පැවරෙන්නිය හයසින්ත් ය.ඇය පුහුණුකාරියක ලෙස ශ්‍රී ලංකාව වෙනුවෙන් ආසියානු කුසලානය දිනා දෙන මොහොත වෙද්දි ඉතා අපූරු තරග කියවන්නියකව සිටි අතර ඒ ජයග්‍රහණය ප්‍රබල සිංගප්පූරුවෙන් ගලවා ගන්නට දම්මිකා වික්‍රමසිංහ අවසාන මොහොතේදි යොදා ගනිමින් පෑ දස්කම ඊට හොඳම සාක්ෂිය වශයෙන් දැක්විය හැකිය.වර්ථමානය වන විට ඒ සඳහා සියල්ල හිමි විය යුතු බව සිතන්නියක වීමෙන් පහතට ඇද වැටී තිබෙන හයසින්ත්, තමන්ගේ වටිනාකම සහ හැකියාවත්,එය භාවිතයට ගත යුතු ආකාරයත් තෝරා නොගැනීමෙන් ඇයට පමණක් නොව ලංකාවේ නෙට්බෝල් ක්‍රීඩාවට ද ඇයගෙන් ලැබිය යුතුව ඇති ආලෝකයෙන් දුරස්ව කටයුතු කරමින් සිටින්නීය.
කෙසේ හෝ දිගන දිග හැරි ජාතික නෙට්බෝල් තරගාවලිය වසර දෙකකින් පසුව නැවත ආරම්භ කිරීමට හැකි විම සහ ඊට අනුග්‍රහය දැක්වීමට ඩයලොග් ඉදිරිපත් විම ඇගයිය යුතුය.එසේම ඒ වසර දෙක තුළ පැවති පරිපාලනය මෙන්ම නව පරිපාලනයද දෝශ සහිතව වුව නෙට්බෝල් හුස්ම ගිලිහෙන්නට නොදි රැක ගෙන සිටි බවට මේ තරගාවලිය හරහා මතු ව සාධක පහසුවෙන් බැහැර කළ නොහැකිය.විවේචනාත්මකව හෝ ඇගයිය යුතුය.විශේෂයෙන්ම ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඉහළ මට්ටමික්න පැවතීම මෙහිදි හොඳින් විද්‍යාමනා වූ අතර ආසියානු කුසලානය රැක ගැනීම සඳහා ඒවා සංයමයෙන්,සහ නිවැරදිම ලෙස භාවිතයට ගැනීමත් කළමනාකරණය කිරිමත් වත්මන් ජාතික පුහුණුකාරියට සහ නෙට්බෝල් පරිපාලනයට ලැබෙන වගකීමක්ය.

නෙට්බෝල් තරගාවලියේ අපේක්ෂාව ජාතික මට්ටමෙන් ක්‍රීඩාව ඉහළට එසැවීමය.ඒ ඉහළ ගුණය සහ ප්‍රමිතිය ක්‍රීඩිකාවෝ මේ තරගාවලිය පුරා ප්‍රදර්ශනය කළෝය.ඒ නිසාම තරගාවලියට සැබවින්ම ජාතික වටිනාකමක් එකතු කළ ක්‍රීඩිකාවන් මේ තරගාවලියේ විශිෂ්ඨත්වයේ පෙර ගමන්කරුවෝ වූහ.

රණසිංහ මුදියන්සෙ

සූරතාවය දිනූ හැටන් නැෂනල් කණ්ඩායම
අනු සූරතාවය දිනූ ගුවන් හමුදා කණ්ඩායම

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan