අභාවප්‍රාප්ත නීලා වික්‍රමසිංහගේ දේහය බදාදා අළුයම දිවයිනට

Date:

අභාවප්‍රාප්ත නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය එළඹෙන බදාදා (26) දිනයේ අළුයම මෙරටට රැගෙන ඒමට නියමිතව තිබේ.

ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය ලෙස කටයුතු කරමින් සිටි ඒ මහත්මිය හදිසි හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූයේ පසුගිය 17 වනදා ය.

ඒ මහත්මියගේ දේහය මෙරටට රැගෙන ඒමට පෙර ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයින්ට අවසන් ගෞරව දැක්වීමේ අවස්ථාව ලබාදෙමින් පෙරේදා (22) දිනයේදී මිලානෝ හි පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබිණි.

දේහය මෙරටට ගෙන ඒමට අදාළ කටයුතු විදේශ අමාත්‍යාංශය මගින් සිදුකෙරෙන අතර දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකෙරෙන ආකාරය අද දිනයේදී තීරණය කිරීමට නියමිත බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : මහ බැංකුව විසින්...

සමන්ටත් ඩුබායි හී දී රිදී පදක්කමක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 13, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...

2026 බංග්ලාදේශ මැතිවරණය: BNP පක්ෂයේ ජයග්‍රහණය සහ නව රජය

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුවත අසන්න මෙතැනින්.. පුවත...

මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයි!

කොළඹ LNW:ලංකා සම සමාජ පක්ෂයේ නායක හිටපු අමාත්‍යවරයෙක් වූ...