හැමදාම ආණ්ඩු වැටුනෙ විපක්ෂයේ හැකියාව නිසා නෙවෙයි ආණ්ඩුවෙම අඩුපාඩු නිසා – සරත් ෆොන්සේකා

Date:

පැරණි සාම්ප්‍රදායික ගමනේම නිරත වන්නේ නම් සමගි ජන බලවේගයටද පැවැත්මක් නොමැති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසනවා. රටේ බලය ලබා ගත්තද අලුත් ගමනක් නොමැති නම් බලය පවත්වාගෙන යාමට නොහැකි බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

හැම අවස්ථාවකදීම ආණ්ඩු බිඳ වැටෙන්නේ එම ආණ්ඩුවලම දුර්වලතා හේතුවෙන් මිස විපක්ෂයේ හැකියාව මත නොවන බව පෙන්වා දෙන සරත් ෆොන්සේකා මහතා පවසන්නේ යහපාලන ආණ්ඩුවට සිදු වූයේද එවැනි දෙයක් බවයි. යහපාලන ආණ්ඩුව තුළ බොහෝ දුර්වලතා තිබූ බවත්, ජනතා බලාපොරොත්තු ඉටු කිරීමට සමත් නොවූ බවත් පවසන මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ එවැනි පාලනයක් බිඳවැට්ටවීමට විපක්ෂයට විශේෂ හැකියාවක් අවශ්‍ය නොවන බවයි.

වත්මන් ආණ්ඩුවද මේ වනවිට ඉතා වේගයෙන් පිරිහෙමින් තිබෙන බවත්, සමගි ජන බලවේගයට ඉදිරි මැතිවරණයකදී ආණ්ඩු බලය ලබා ගැනීමට සැළකිය යුතු අවස්ථාවක් තිබෙන බවත් ඔහු පවසනවා. කෙසේ නමුත් ආණ්ඩු බලය ලබා ගැනීමට පෙර සිටම රටේ මෙතෙක් සිදු වූ වැරදි හඳුනාගෙන ඒවා නිවැරදි කර ගැනීමට පක්ෂය කටයුතු කළයුතු බවත් ෆොන්සේකා මහතා සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු මහ බැංකු අධිපති කබ්රාල්ගේ නඩුවක් කැඳවීමට දින!

රෂිකා හෙන්නායක ජූනි 26, කොළඹ LNW : 2012 වසරේ ග්‍රීක රජය...

වෙලේ සුදාගේ නඩුවක් කැඳවීමට දින!

රෂිකා හෙන්නායක ජූනි 26, කොළඹ LNW : මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත...

කෙහෙළියගේ නරක දසාව – පවුලටම අධි චෝදනා!

කොළඹ LNW:මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය...

Oxford ඉංග්‍රීසි ශබ්දකෝෂයට ඇතුළත් වුණු ශ්‍රී ලාංකේය අනන්‍යතාවය! Milkrice වෙනුවට “Kiribath”!

2025 ජුනි මාසයේදී, ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය (OED) නිල වශයෙන්...