සාර්ථක කහ අස්වැන්නක්

Date:

රජය ලබා දුන් සහනාධාර යටතේ කහ වගා කල ගොවීන්ගේ අස්වනු ඒ ආශ්‍රිත නිශ්පාදන අලෙවි මණ්ඩලය මගින් මිල දී ගැනීමට කටයුතු කිරීම සම්භන්ධයෙන් ගොවි ජනතාව ජනාධිපති ගෝඨාභය මැතිතුමාට සහ රජයට සිය ප්‍රසාදය පලකර සිටී. කහ වගා කරුවන් වෙනුවෙන් ජනපති ගෝඨාභය මැතිතුමා ගත් ක්‍රියාමාර්ගය යතාර්ථයක්ම කරමින් එවැනි වගා කටයුතු සිදු කල බලංගොඩ කපුගල හඳගිරිය ප්‍රදේශ වල ජනතාව අද සරු අස්වැන්නක් ලබා ගනිමින් සිටී. කහ ආනයනය කිරීම නතර කිරීමෙන් පසු දේශීය වශයෙන් කහ වගාව ප්‍රචලිත කිරීමට රජය පියවර ගනු ලැබීය.

පවුල් 15,000 ක් සඳහා ලක්ෂ 250 ක සහනාධාර දීමට ද කටයුතු කෙරිණි. තෝරා ගත් ප්‍රදේශ සෑම නිවසක් සඳහාම කහ පැළ ලබාදීමට කටයුතු කෙරිණි .වාණිජ වගාවක් ලෙස කහ වගා කරන ගොවීන්ට මෙවර මෙට්‍රික් ටොන් 70,000 කට වැඩි අස්වැන්නක් ලබා ගැනීමට හැකි විය. පසුගිය කාලයේ අතරමැදියන් විසින් මෙම අස්වනු මිලදී ගෙන ඇති අතර ඔවුන් විශාල ලාබයක් ලබා ඇත. නමුත් මේ වනවිට රජය ඍජුවම මැදිහත් වී මෙම අස්වැන්න මිල දී ගැනීම ගොවියාට විශාල සහනයක් වී ඇත. අනාගතයේ දී අපනයනය දක්වා තම අස්වැන්න වැඩි කර ගැනීමට ගොවීන් බලාපොරොත්තු වේ. ගොවියාට කිසිදු අසාධාරණයකින් තොරව ඊළඟ කන්නයේ දී ද වගා කටයුතු කිරීමට හැකි වන ආකාරයෙන් , ඔවුන්ට ලාභයක් ද සහිතව කුළුබඩු සංස්ථාව මැදිහත් වී කහ අස්වැන්න මිලදී ගෙන රටේ ජනතාවට සහන මිලකට කහ ලබාදීමට රජය මේ වනවිටත් වැඩපිළිවෙළක් සකස් කර ඇත.

පෙබරවාරි මාසය වනවිට කුළුබඩු සංස්ථාව බලාපොරොත්තු වන්නේ ගොවීන් ගේ කහ සියල්ලම මිල දී ගැනීමට බලාපොරොත්තු වේ . දේශීය නිශ්පාදන ආර්ථිකයක් සඳහා දිරි දෙමින් , ගොවියා ආරක්ෂා කරගනිමින් රජය කරගෙන යන මෙම සාර්ථක කෘෂිකාර්මික වැඩපිළිවෙළ ඉතා සාර්ථක බව මින් ඉතා පැහැදිලිය.

රෂිකා සඳමාලි හෙන්නායක FACEBOOK

SPONSORED ARTICLE

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...