එදා නීතිය හා සාමය ඇමති මම උනා නං මෛත්‍රී හිරේ – සරත් ෆොන්සේකා

Date:

යහපාලන රජය සමයේ නීතිය හා සාමය කැබිනට් අමාත්‍ය ධුරය හිස් වූ අවස්ථාවක එම අමාත්‍ය ධුරය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලබා දෙන්නැයි ඉල්ලීම් ගණනාවක් ලැබී තිබිණි. සරත් ෆොන්සේකා මහතාද එම දිනවලදී ප්‍රකාශ කළේ නීතිය හා සාමය අමාත්‍ය ධුරය බාර ගැනීමට සූදානම් බවයි. කෙසේ නමුත් ඔහුට එම අමාත්‍ය ධුරය නොැලබිණි.

අම්බලන්ගොඩදී පැවති සමගි ජන බලවේගයේ රැස්වීමකදී, නීතිය හා සාමය අමාත්‍ය ධුරය අහිමි වීමට හේතුව සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේය. ඔහු පවසන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, තමාට එම අමාත්‍ය තනතුර ලබාදීමට දැඩි විරෝධයක් දැක්වූ බවයි.

තමා නීතිය හා සාමය ඇමතිවරයා වූයේ නම් හිටපු ජනාධිපතිවරයා සිරගත කරන බව පවසන ෆොන්සේකා මහතා පෙන්වා දෙන්නේ ඒ පිළිබඳව හිටපු ජනාධිපතිවරයා දැනුවත්ව සිටි බවයි. ‘එයාට ඇමතිකම දුන්නොත් එයා මුලින්ම කරන්නෙ මාව හිරේ දාන එක’ යැයි යහපාලන රජයේ මැති ඇමතිවරුන් සමග හිටපු ජනාධිපතිවරයා පවසා තිබූ බවද ෆොන්සේකා මහතා පවසනවා.

එවැනි සෘජු තීරණ නොගෙන රට නිවැරදි දිශාවට ගෙනගිය නොහැකි බවත්, යහපාලන ආණ්ඩුවට ගෙදර යාමට සිදු වූයේ ඒ නිසා බවත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අ.පො.ස උ.පෙළ විභාගයට සියල්ල සූදානම්: විභාග දෙපාර්තමේන්තුව

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : හෙට (09) පැවැත්වීමට...

මහ බැංකුවෙන් විදෙස් ප්‍රේෂණ ගැන දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : 2025 ඔක්තෝබර් මාසයේදී...

එක්සත් ජනපද රජය තාවකාලිකව ඇණ හිටීම 39 වන දිනටත් ක්‍රියාත්මකයි; ගුවන් ගමන් 1500කට ආසන්න ප්‍රමාණයක් අවලංගුයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගිය ඔක්තෝබර්...