බුර්කිනෝ ෆාසෝ ජනපතිවරයා හමුදාවේ ප්‍රාණ ඇපයට

Date:

බටහිර අප්‍රිකානු රටක් වන බුර්කිනෝ ෆාසෝ හි හමුදා කඳවුරු කිහිපයක සොල්දාදුවන් කැරළි ගැසීමේ ප්‍රතිඵලයක් ලෙස අද දිනයේ ජනපතිවරයා ප්‍රාණ ඇපයට ගනු ලැබීය.නවතම වාර්තාවලට අනුව මේ වන විට ඔහුව අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන තිබේ.

බුර්කිනෝ ෆාසෝ ජනපති රෝක් මාක් ක්‍රිස්ටියන් කැබෝර්ගේ පුද්ගලික මන්දිරය අවට වෙඩි හඬවල් ද ඇසුණු බව ද වාර්තා වේ. ඔයාඩෝගු අගනුවර ද නොසන්සුන්කාරී වාතාවරණයක් ඇති ව තිබේ.

ඔයාඩෝගු අගනුවර පිහිටා ඇති ලැමිසානා බැරැක්කයේ ”පාර්ලිමේන්තු සහ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානී ජනාධිපති කැබෝර් සොල්දාදුවන් ළඟ සිටියි” යනුවෙන් ආරක්ෂක අංශ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබේ.

2015 වසරේ පළමු වරට ජනපති පදවියට පත් වූ කැබෝර් සිය ධුර කාල තුළ ජිහාඩ් කැරළිකාරීත්වයට එරෙහිව සටන් කිරීම සිය ප්‍රමුඛතාවයක් බවට පත් කරගෙන තිබිණි. කෙසේ නමුත් රට තුළ ලේ ගැලීම් නතර කර ගැනීමට ඔහු අපොහොසත් වීමත් සමග ජනතා විරෝධයක් ද ඔහුට එරෙහිව මතු වෙමින් තිබිණි.

හමුදාව තුළ ජනපතිවරයාට එරෙහිව කැරැල්ලක් ඇති වීමට එක් හේතුවක් වශයෙන් සඳහන් වන්නේ ජිහාඩ් කැරළිකරුවන් සමග සටන් කිරීමට ප්‍රමාණවත් තරම් සම්පත් නොමැති වීම යි.

AMALI JAYAWEERA OUTBOUNDTODAY

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොමසාරිස්වරිය කළේ බලහත්කාරකමක්.අපි කවදාහරි කොමසාරිස්තුමියව නීතිය ඉදිරියට ගේනවා – මුජිබර් (VIDEO)

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරාපත් කරගැනීමේදී බස්නාහිර...

කිසි විටෙක යටත් නොවන බවට ඉරාන නායකයා ට්‍රම්ප්ට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සියලු හිමිකම් ඇවිරිණ මඟින් සියලු හිමිකම් පවරන මොහොත ජූනි 19 දා ලුම්බිණියේදී

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: සංජක ප්‍රසාද් දොලේවත්ත මේ...