බැංකු ණය පොලී අනුපාත වහා අඩුවිය යුතුයි – මහ බැංකු අධිපති

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 24 කොළඹ (LNW): කොළඹ කොටුව ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේ ඊයේ (23) පැවැති මුදල් ප්‍රතිපත්ති දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේ , මුදල් මණ්ඩලය දිගින් දිගටම ප්‍රතිපත්ති පොලී අනුපාතික පහත දැමීමේ තීරණයන් ගෙන තිබෙන වාතාවරණයක් යටතේ ගනුදෙනුකරුවන් බැංකුවලින් ලබා ගෙන තිබෙන ණය සඳහා අය කරන පොලිය වහාම අඩු විය යුතු බවත්, එලෙස බැංකු පොලී අනුපාත පහත දමන්නේ නැති ආයතනවලින් දැනටමත් මහ බැංකුව විසින් නිදහසට කරුණු විමසා ඇති බවත්ය.

ඉදිරියේදී ලබා ගන්නා ණය පහසුකම්වල පමණක් නොව දැනට ලබාගෙන ඇති ණය පහසුකම්වලද පොලී අනුපාත අඩු කිරීමට බැංකුවලට සිදුවනු ඇතැයි මහ බැංකුවේ අධිපතිවරයා සඳහන් කළේය.

මේ වන විට පෞද්ගලික අංශය විසින් බැංකුවලින් ලබා ගන්නා ණය ප්‍රමාණය ඉහළ ගොස් ඇති අතර, පසුගිය වසරේ මුල් හා දෙවැනි කාර්තුව ආර්ථික වර්ධනය සෘණ අගයක් ගත්තද වසර අවසන් කාර්තු දෙකෙහි ධන අගයක් ගෙන තිබීම සතුටුදායක තත්ත්වයක් බවද අධිපතිවරයා පැවසීය.

මේ වසරේ ආර්ථික වර්ධන වේගය ධන අගයක් ගනු ඇතැයිද අධිපතිවරයා අපේක්ෂා පළ කළ අතර, පෞද්ගලික අංශයේ ණය ලබා ගැනීම් ඉහළ යෑම පෙන්නුම් කරන්නේ ආර්ථිකයේ පිබිදීමකට මුල පිරීමක් වන බවද පවසේ. ඒ අනුව නව කෘෂි කර්මාන්ත හා සේවාවල වර්ධනයක් සිදුවනු ඇත. මෙම ණය පහසුකම් ලබා ගැනීමේදී ඉදිරියේදී පොලී අනුපාත අඩුවනු ඇත. දැනට ලබාගෙන ඇති ණය සඳහා වන ඉහළ පොලී අනුපාතද නුදුරේදී පහත හෙළීමට බැංකු පද්ධතිය කටයුතු කරනු ඇතැයි මහ බැංකු අධිපතිවරයා අපේක්ෂා කරයි. 

නුදුරු කාලීනව උද්ධමනය ඉහළ යෑම සඳහා පීඩන ඇති කළ හැකි බදුකරණයේ සහ සැපයුම් අංශයේ සාධකවල මෑත කාලීන ප්‍රවණතාවන්හි බලපෑම පිළිබඳව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අවධානය යොමු කර ඇති බව ද මහ බැංකු අධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

මෑත කාලීන ප්‍රවණතාවල බලපෑම මඟින් මැදි කාලීන උද්ධමන ඉදිරි දැක්මෙහි සැලකිය යුතු වෙනස්කමක් සිදු නොවනු ඇතැයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ අදහස විය.

පෙර ක්‍රියාත්මක කරනු ලැබූ මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ග මෙන්ම රජයේ සුරැකුම්පත් හා සම්බන්ධ අවදානම් අධි මිල පහළ යෑම හේතුවෙන් වෙළෙඳපොළ ණය පොලී අනුපාතික තවදුරටත් අඩු වීම සඳහා ඇති අවකාශය පිළිබඳ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අවධානය යොමු කර ඇති බවද මහ බැංකු අධිපතිවරයා පැවසීය.

වෙළෙඳපොළ ණය පොලී අනුපාතික තවදුරටත් අඩු කිරීම මඟින් අපේක්ෂිත ප්‍රතිලාභ මූල්‍ය ආයතන විසින් ව්‍යාපාර හා පුද්ගලයන් වෙත ප්‍රමාණවත් ලෙස හා කඩිනමින් ලබා දිය යුතු බව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අවධාරණය කළේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිනී, නියෝජ්‍ය අධිපති, ආර්ථික පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ ඇතුළු උසස් නිලධාරීහු සහභාගි වී සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විකෘති ප්‍රවෘත්ති පළකරන්න ලෑස්ති වෙන්න එපා.ලයිසන් කොන්දේසි බලාත්මක කරනවා – ඇමති නලින්දගෙන් රතු එළි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සියලුම රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී...

මඟින් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු වසර 11කට පසු නැවත අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ගුවන් ගමන්...

මාලිමාව කොළඹ මහ නගරසභාවේ අයවැය ජය තහවුරු කරගනී ?

ජාතික ජන බලවේගය කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම...

දේශීය කෘෂි කර්මාන්තය වෙනුවෙන් කැපවෙන නිහඬ මිනිසා “ඇලෙක්ස්”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: දේශීය කෘෂි කර්මාන්තයේ විවිධ...