ගතවු පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම් වලින් අපරාධකරුවන් 930 ක් අත්අඩංගුවට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 24 කොළඹ (LNW): දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී ගත වූ පැය 24 තුළ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 664 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 266 ක් සමගින් මුළු සැකකරුවන් 930 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 664 දෙනා අතරින් සැකකරුවන් 08 කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් 01 ක් පුනරුත්තාපනය සදහා යොමු කර ඇති අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 17 ක්ද අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන් වේ..

එසේම, අපරාධ අංශවෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 266 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 41 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 207 ක්ද සිටි. ඇගිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 03 ක් සහ අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 15 ක්ද මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන් වේ. ඊයේ දිනට අදාළව පහත මත්ද්‍රව්‍ය සොයාගෙන ඇත.

හෙරොයින් 425g
අයිස් 235g
ගංජා 06kg
ගංජා පැල 29,197
මාවා 611 g
ඈෂ් 46g
මදන මෝදක 408 g
තූල් 163g
මත්පෙති 4351

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...