ඉස්ලාමාබාද් අගනුවර පාසල් හා විශ්වවිද්‍යාල වලට මරාගෙන මැරෙන බෝම්බ බියක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 24 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉස්ලාමාබාද් අගනුවර පාසල් හා විශ්වවිද්‍යාල වලට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ලවිය හැකි බවට බුද්ධි අංශ තොරතුරු අනාවරණය කර ගැනීමත් සමඟ , පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර පාසල් හා විශ්වවිද්‍යාල රැසක් වසාදමා තිබෙන බව වාර්තා වේ.

පාකිස්තාන තලේබාන් සංවිධානය මෙම ප්‍රහාර එල්ල කිරීමට වැඩි ඉඩක් පවතින බව බුද්ධි අංශ තවදුරටත් අනතුරු අඟවා තිබෙන බවද එරට මාධ්‍ය වාර්තා කරයි.

පාසල් සිසුන්ගේ දෙමව්පියන්ට ප්‍රහාරයන් එල්ල කිරීම සම්බන්ධයෙන් පණිවුඩ ලබාදීමට යම්කිසි කණ්ඩායමක් කටයුතු කර ඇති අතර එම සියලු තොරතුරු විශ්වාස කිරීමෙන් වළකින ලෙස පාකිස්තාන පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින බව සඳහන් වේ.

කෙසේ වුවද පාකිස්තානය තුළ සිදුකෙරෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් සංඛ්‍යාව ඉහළ යාමත් සමග එරට තුළ නීතිවිරෝධීව රැදී සිටින ඇෆ්ගනිස්ථාන ජාතිකයින් පිටුවහල් කිරීමට පාකිස්තාන රජය පසුගිය නොවැම්බර් මාසයේදී පියවර ගනු ලැබීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසානදිග...

මුදල් අමාත්‍යාංශයෙන් තවත් තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : පසුගිය දවස්වල සිදු...

හිටපු ඇමති සී. බී. රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය CB...

මහනුවර දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය සේවා දින තුනක් තුළ යථා තත්ත්වයට!

කොළඹ LNW:ඉදිරි දින තුනක කාලයක් තුළදී මහනුවර දිස්ත්‍රික්කයේ විදුලි...