ඩුබායිහි ජාත්‍යන්තර ගුවන් තොටුපළට ඩ්‍රෝන ප්‍රහාරයක්

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 07; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ජාත්‍යන්තර ගමනාගමනය සඳහා ලොව කාර්යබහුලම ගුවන් තොටුපළ වන ඩුබායි ජාත්‍යන්තර ගුවතොටුපොලට මිට සුළු මොහොතකට පෙර ඉරානය විසින් ඩ්‍රෝන ප්‍රහාරයක් දියත්කර තිබේ.

ගුවන් තොටුපළ පර්යන්ත අසලට එල්ල වූ මෙම ඩ්‍රෝන ප්‍රහාරයකින් පසු ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (DXB) මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවන ලද අතර මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඩුබායි ගුවන්තොටුපල පරිපාලනය සඳහන් කර තිබුණේ, සිදුවීම ඉක්මනින් පාලනය කළ බවත්, මගීන්, ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලය සහ ගුවන් සේවා කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සඳහා, ඩුබායි ජාත්‍යන්තර (DXB) හි මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවන බවත්, ගුවන්ගමන් කෙටි කාලයකට අත්හිටුවන බවත්ය.

ඉරානයට එරෙහිව ඇමරිකා හා ඊශ්‍රායල් ප්‍රහාර ආරම්භ වීමත් සමඟ ඉරානය අසල්වැසි රටවල ඇමරිකානු හමුදා මධ්‍යස්ථාන වලට ප්‍රහාර දියත් කිරීමට අමතරව අබුඩාබි ගුවන් තොටුපළ, ඉහළ පෙළේ පාම් ජුමෙයිරා සංවර්ධනය සහ බර්ජ් අල් අරාබි සුඛෝපභෝගී හෝටලයට ද පහර දී ඇති අතර, ඩ්‍රෝන සුන්බුන් පසුගිය අඟහරුවාදා(03) ඩුබායි හි එක්සත් ජනපද කොන්සල් කාර්යාලයේ ගින්නක් ඇති ඇති කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...

සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක ප්‍රදේශය අද සිට ජනතා අයිතියට!

කොළඹ LNW:සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක...