කොළඹ මහාධිකරණය විසින් ධීවරයින් 07දෙනෙකුට මරණ දඬුවම්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 24 කොළඹ (LNW): ධීවරයින් 07දෙනෙකුට කොළඹ මහාධිකරණය මරණ දඬුවම ලබා දී ඇත. ඒ තංගල්ල මුහුදේදී බහුදින ධීවර යාත්‍රාවක් තුළ සිටි පුද්ගලයන් තුන් දෙනෙකු ඝාතනය කර තවත් දෙදෙනෙකුට මරණීය තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනි.

2012 වසරේ ඔක්තෝබර් 15 වනදා තංගල්ල කුඩාවැල්ල ධීවර වරායෙන් මුහුදු ගිය තේජාන් නැමැති බහුදින ධීවර යාත්‍රාවේ සිටි පුද්ගලයන් තුන් දෙනෙකු මෙසේ ඝාතනය කර ඇති බව සඳහන් වේ.

දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආධිත්‍ය පටබැඳීගේ මහතා චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බව ප්‍රකාශ කර ඇත.

මහාධිකරණ විනිසුරුවරයා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ ඉන් අනතුරුවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැබෑ සාමයේ නිර්වචනය…

රෂිකා හෙන්නායක ජනවාරි 20 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ...

මහින්දානන්දගේ සහ නලින් ප්‍රනාන්දුගේ අභියාචනා විභාගයට දින නියම වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: සිර දඬුවම් නියම වී සිටින හිටපු...

උතුරු කොරියාවේ කිම් ජොන් උන් උප අගමැති ධුරයෙන් පහ කරයි: නිලධාරීන්ට ප්‍රසිද්ධියේ දෝෂාරෝපණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 20 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු කොරියානු...

හෝමගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ සභිකයින් කලු පටි පැළද විරෝධතාවක!

රෂිකා හෙන්නායක ජනවාරි 20, කොළඹ LNW : අද (20) දින...