අපේ වරායන් පාවිච්චි කරන්න දුන්නොත් කොයි පැත්තෙන් හරි ගුටිකන්න වෙනවා – මැදපෙරදිග යුද්ධය ගැන මහින්දගේ මතය

මේ වනවිට මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුද්ධමය තත්වය හැකි ඉක්මනින් විසඳාගැනීමට එම රටවල නායකයින් කටයුතු කළයුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ප්‍රශ්නය – ඔබතුමා යුද්ධයක් අවසන් කරපු නායකයෙක් හැටියට මේ දැන් මැදපෙරදිග ඇතිවෙලා තියෙන යුද්ධය ගැන ඔබතුමාගේ අදහස මොකක්ද ?

“ඇත්ත වශයෙන්ම මේ යුද්ධය මේ තත්වයට ගෙනියන්න ඉඩදෙන්න නරකයි. මේක පුළුවන් තරම් ඉක්මනින් විසඳාගැනීම සඳහා කටයුතු කරන්න ඕනෙ”

ප්‍රශ්නය – දැන් ඉරාන නෞකාවකට පහරදුන්නාට පස්සෙ ඒ අය බේරාගන්න ලංකාවෙන් උදව් කරලා තිබුණා. ඒ ගැන ඔබතුමාගේ අදහස මොකක්ද ?

“හොඳයි ඉතින්. ජීවිත බේරාගන්න කරන ඕනෙම කාර්යයකට අපේ සහයෝගය දක්වනවා”

ප්‍රශ්නය – මේ ආණ්ඩුව ලෝක දේශපාලනයට පිළිතුරු දෙන ආකාරය ගැන ඔබතුමා හිතන්නෙ කොයි විදියටද ?

“ඔබතුමන්ලා හිතන විදියට තමයි”

ප්‍රශ්නය – ඒ කියන්න අපි මේ වෙලාවේ එක පැත්තක් ගත්තොත් ඉරානයේ පැත්තද, ඇමරිකාවෙ පැත්තද ? ඒ වගේ පැත්තක් ගන්න එක හොඳයිද ?

“නෑ. නෑ. එහෙම අපි පැත්තක් ගන්න ඕනෙ නැහැනෙ. අපේ යුද්ධයකුත් නෙවෙයි, අපි පැත්තක් ගත යුතුත් නැහැ”

ප්‍රශ්නය – එහෙම වුණොත් යම් අනතුරක් ලංකාවට තියෙයිද ?

“ඒක කියන්න බෑ ඉතින් … තියෙන්න ඉඩ තියෙනවා. අපි පක්ෂග්‍රාහී නොවිය යුතුයි. අපේ වරායන් පාවිච්චි කිරීමට ඉඩ දුන්නොත් ඉතින් කොයි පැත්තෙන් හරි ගුටි කන්න වෙනවා”

ප්‍රශ්නය – අවසාන වශයෙන් ලෝක නායකයින්ගෙ ඔබතුමාට ඉල්ලන්න තියෙන්නෙ මොකක්ද ?

“ඉල්ලන්න තියෙන්නෙ පුළුවන් තරම් යුද්ධය අවසන් කිරීමට කටයුතු කරන්න කියලා”

මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති දේශපාලන මණ්ඩල රැස්වීමකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...

ප්‍රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්‍රකාශ මැක්‍රොන්ගේ දැඩි විවේචනයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන...

පාස්කු ප්‍රහාරය : හිටපු ජනපති ගෝඨාභයට එරෙහි විමර්ශන ප්‍රබල තත්වයක – දිලීප අධිකරණයට දැනුම් දෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සිදුකරන...

මේ පොලිස්පතිටත් හිරේ යන්න වෙයිද ? – අධිකරණයට අපහාස කළැයි නඩු පැවරීමට ගම්පහ මහේස්ත්‍රාත් නියම කරයි !

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීම...