මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 24 කොළඹ (LNW): අද (24) පස්වරුවේ Online Safety හෙවත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේදී ඡන්දයක් පැවැත්වුණු අතර එය වැඩි ඡන්දයෙන් සම්මත විය.

පනතට පක්ෂව ඡන්ද 108 ක්ද විපක්ෂව ඡන්ද 62 ලැබිණි.

ඒ අනුව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කියවීම වැඩි ඡන්ද 46කින් සම්මත වූ බවය.

අද (24) දෙවැනි දිනටත් පනත පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත විවාදයට ගන්නේද නැද්ද යන්න පිළිබඳව තීරණය කිරීම සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීමට ඊයේ (23)පාර්ලිමේන්තුව තීරණය කළේය.

එම ඡන්ද විමසීමේදී අදාළ ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත විවාදයට ගැනීමට පක්ෂව ඡන්ද 83ක් සහ විපක්ෂව ඡන්ද 50ක් හිමිවිය.

ඒ අනුව එම පනත් කෙටුම්පත විවාදයට ගැනීම වැඩි ඡන්ද 33කින් සම්මත වීමත් සමග විවාදය ආරම්භ කෙරුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...