ගල්කිස්සෙන් මතු වූ කිලෝ ගණනක ඈෂ්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 25, කොළඹ (LNW):

අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාලව දිවයින් පුරා කරන මෙහෙයුමට අදාලව, ගල්කිස්ස පොලිස් වසමේ විමලසිරිද මෙල් මාවත ප්‍රදේශයේදී ඈෂ් මත්ද්‍රව්‍ය කිලෝ තුනක් සමග සැකකරුවෙකුව ත් අඩංගුවට ගෙන තිබෙන බව පොළිසිය පවසයි.



ඔහු සතුව තිබී ඈෂ මත්ද්‍රව්‍ය කිලෝ 03 ග්‍රෑම් 349 ක්, කුෂ් මත්ද්‍රව්‍ය ගෑම් 25 ක් මත්පෙති 320 ක්, මත් මුද්දර 129 ක්, වායු පිස්තෝලක්, විද්‍යුත් තරාදියක්, මත්ද්‍රව්‍ය ඇසුරුම් කිරීමට යොදාගන්නා පැකට් 4000 ක් ජංගම දුරකථනයක් සහ මෝටර් රථයක් අත් අඩංගුවට ගෙන තිබෙන අතර, අත් අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29 ක්වන දෙහිවල ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වේ.

විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ, මොහු රක්ෂිත බන්ධනාගාරගතව සිටින මත්ද්‍රව්ය ජාවාරම්කරුවෙකුගේ මෙහෙයවීම මත මත්ද්‍රව්‍ය බෙදාහරින පුද්ගලයෙකුවන බවයි.

ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...

කොලොම්බියාවේ නිදහසත් අවසන් වෙන ලකුණු?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොලොම්බියාව, එක්සත් ජනපද හමුදා ක්‍රියාමාර්ගයේ ‘සැබෑ තර්ජනයක්’...