එක්සත් ජනපදය ඊශ්‍රායලය සහ ඊජිප්තුව හැර ආධාර වැඩසටහන් සඳහා නව අරමුදල් අත්හිටුවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 25; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඊශ්‍රායලය සහ ඊජිප්තුව හැර දැනට පවතින සියලුම විදේශ ආධාර වැඩසටහන් සඳහා නව අරමුදල් සියල්ලම පාහේ අත්හිටුවන බව නිවේදනය කර ඇත.

රජයේ සංඛ්‍යාලේඛන වලට අනුව 2023 දී ඩොලර් බිලියන 68 ක් වියදම් කළ ලොව විශාලතම ජාත්‍යන්තර ආධාර දායකයා වන එක්සත් ජනපදය ජනවාරි 20වන දින ජනාධිපති ට්‍රම්ප්ගේ නව විධායක නියෝගයන්ගෙන් අනතුරුව විදේශ සංවර්ධන ආධාර සඳහා දින 90 ක විරාමයක් මෙලෙස නිකුත් කර තිබේ.

ඒ අනුව, මෙම අරමුදල් කටිකිරිම සංවර්ධන ආධාරවල සිට හමුදා ආධාර දක්වා සියල්ලටම බලපාණු ඇත.

මානුෂීය සංවිධාන රැසක් මෙම අරමුදල් කටිකිරිම සම්බන්ධව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර ඔවුන් එය ගෝලීය අස්ථාවරත්වයට සහ ජීවිත හානිවලට දායක විය හැකි බවට බිය පළකර ඇත.

මේ සම්බන්ධයෙන් මැදපෙරදිග එක්සත් ජනපද ජාත්‍යන්තර ආධාර පිළිබඳ හිටපු නියෝජිතායතනයේ (USAID) දූත මණ්ඩල අධ්‍යක්ෂවරයෙකු වන ඩේව් හාර්ඩන් මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ, ලොව පුරා එක්සත් ජනපදය විසින් අරමුදල් සපයන මානුෂීය සහ සංවර්ධන වැඩසටහන් වහාම අත්හිටුවනු දැකිය හැකි බවත් එය ජලය, සනීපාරක්ෂාව සහ නවාතැන් ඇතුළු තීරණාත්මක සංවර්ධන ව්‍යාපෘති රැසකට බලපෑ හැකි බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : ප්‍රවාහන අමාත්‍යංශයද මැදිහත්වීමෙන්,...

ඉරානයට එරෙහිව ඇමරිකානු හමුදාව සීරුවෙන් බව ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක ජනවාරි 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති...

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...