දෝහා හි ශ්‍රී ලංකා තානාපතිනි ලෙස සිතාරා ඛාන් අසාද් වැඩ භාරගනී!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 25, කොළඹ (LNW):

සිතාරා ඛාන් අසාද් මහත්මිය, කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ලෙස වැඩ භාර ගෙන තිබෙන බව වාර්තා වේ. ජනවාරි 23 වනදා දෝහා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී ඇය රාජකාරි භාරගනු ලැබුවේ කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ලෙසින් තේරීපත් වූ පළමු කාන්තාව ලෙසිනි.

සිතාරා ඛාන් මහත්මිය, 1998 වසරේදී විදේශ සේවයට සම්බන්ධ වී ඇති බව සඳහන් වන අතර, මෙරට විදේශ සේවා නිලධාරිනියක ලෙස වසර 27ක සේවා අත්දැකීම් ඇති බව පැවසේ. විදේස රැකියා සහ සංචාරක අමාත්‍යාංශය ඇතුළු විවිධ අංශවල ඉහළ තනතුරු දරා ඇති ඇය, ලතින් ඇමරිකාව හා කැරිබියානු කලාපය සඳහා අතිරේක ලේකම්වරියක ලෙසද කටයුතු කර ඇත.

කටාර්හි තානාපති ධුරයට පත්වීමට පෙර, ඇය ලන්ඩන්, චෙන්නායි, දෝහා සහ ඔටාවා හි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල සේවය කළ අතර, එහිදී ඇය නියෝජ්‍ය මහකොමසාරිස් සහ වැඩබලන මහකොමසාරිස් ලෙස සේවය කර ඇති බව සඳහන් වේ,

ඛාන් අසාද් මහත්මිය, පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් කලා උපාධියක් සහ ඉන්දියාවේ මදුරාසි විශ්ව විද්‍යාලයෙන් ඉංග්‍රීසි පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇති අතර, කොළඹ මෙතෝදිස්ත විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක්ද වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...