නීතිය ක්‍රියාත්මක කරන්න. හැබැයි නෝන්ඩි වෙන්න එපා – යෝෂිත අත්අඩංගුවට ගැනීම ගැන නාමල් කතා කරයි

Date:

කොළඹ LNW: සෙනසුරාදා දිනයක උදෙන්මනීතිපති උපදෙසුත් අරන් පොලීසිය හයිවේ එකේ තංගල්ලට යන විදිහ බැලුවහම ආණ්ඩුව යම්කිසි මර්දනයකට සූදානම් වෙන බව පෙනෙන්නට ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.

රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ආපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යෝෂිත රාජපක්ෂ මහතාව අත්අඩංගුවට ගැනීම ගැන කොළඹදී මාධ්‍ය වෙත දක්වමිනි.

කටඋත්තරයක් ගැනීම සඳහා පැමිණෙන ලෙස දැනුම් දුන්නේ නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන බවත් ජනතා බදු මුදල්වලින් තෙල් ගහගෙන තංගල්ලටම පැමිණීමේ අවශ්‍යතාවක් නොමැති බවයි නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ.

මෙම තත්ත්වය මත ආණ්ඩුවට සහ පොලීසියට පැවසීමට ඇත්තේ නීතිය ක්‍රියාත්මක කරන්න හැබැයි ඉතින් නෝන්ඩි වෙන්න එපා ” යනුවෙන් යැයි ද මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

”දේශපාලන අවශ්‍යතාව මත නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය වෙන මහන්සිය ඔය විදිහටම පාතාලය මර්දනය කිරීමට ක්‍රියාත්මක වුණොත් බොහොම හොඳයි. අපිට එන්න කිව්වනන් අපි එනවා. අපි ඇවිල්ලත් තියෙනව. පොලීසිය හිතන්න ඇති අපරදෙනේ අපේ වාහනවල තෙල් පුච්චගෙන තංගල්ලේ ඉදන් කොළඹ එන්න ඕනේ නැති නිසා පොලීසියෙන් කොළඹ ඉදන් තංගල්ලට ඇවිල්ලා ආරක්ෂා සහිතව ගෙනල්ල කටඋත්තර ගන්නවා. පොලීසියටත් මම ස්තුතීවන්ත වෙනවා කොළඹ ඉදන්ම තකහනියක් අපේ ගමට ඇවිල්ලා ගමේ එක්සිට් එකේ නවත්තාගෙන පොලිස් ආරක්ෂාව සහිතව කොළඹට ගෙනල්ලා කටඋත්තර ලියන එකට. පොලීසියටයි ආණ්ඩුවටයි අපි කියන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න. හැබැයි නෝන්ඩි වෙන්න එපා කියල” යනුවෙන් නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...