හමාස් ප්‍රාණ ඇපයෙන් නිදහස් වූ ලොවක අවධානය දිනාගත් තරුණියන් සිව් දෙනා!

කොළඹ LNW:ඊශ්‍රායල් – හමාස් සටන් විරාමයේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ක්‍රියවලිය ක්‍රියාත්මක අතර අද (25) සුවිශේෂී සටහනක් තබමින් හමාස් ප්‍රාණ ඇපයේ සිටි ඊශ්‍රායල තරුණියන් සිව් දෙනෙකු නිදහස් කර තිබුණි.

ඔවුන් නිරායුධ හමුදා ඒකකයක නිරීක්ෂණ කටයුතුවල දී සිටියදී ගාසා තීරයේ දී හමාස් ග්‍රහණයට නැතුව ඇත.

ඔවුන් රාජකාරී කළ කඳවුරට ද හමාස් ප්‍රහාරයක් එල්ල වී ඇති අතර ඉන් බොහොමයක් දෙනා මියගොස් ඇති බවටයි ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ.

මීට පෙරද හමාස් සංවිධානය විසින් ඔවුන්ගේ ප්‍රාණ ඇපයේ සිටි කාන්තාවන් තිදෙනෙක් නිදහස් කළ නමුත් ඔවුන්ව ගැටගසා තිබීම ගැන කෝපාන්විත ප්‍රතිචාර දක්වා තිබීමත් හේතුවෙන් අද තත්ත්වය ඉතා හාත්පසින්ම වෙනස් තත්ත්වයක් නිර්මාණය කරමින් තරුණියන් සිව් දෙනා නිදහස්ව සිනාමුසු මුහුණින් එකිනෙකා පසුපස පැමිණ නිදහස් කිරීමට අදාළ ලියවිලි සම්පූර්ණ කර තිබේ.

විදෙස් මාධ්‍ය එම දර්ශන විකාශය කර තිබුණු අතර රතු කුරුස සංවිධානයේ මැදිහත්වීමෙන් එම නිදහස් කරගැනීම සිදුවෙමින් තිබේ.

ඒ අනුව මෙම ඊශ්‍රායල තරුණියන් සිව් දෙනාගේ නිදහස් වීම හැඟීම්බර සති අන්තයක් නිර්මාණය කර ඇති බවටද මේ සම්බන්ධයෙන් විදෙස මාධ්‍ය අදහස් පළකර තිබෙන ආකාරය දක්නට ලැබෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2024 – 2026 සංචාරක සංවර්ධන දර්ශකයේ සාර්ථකම ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ලෝක ආර්ථික සංසදය...

සමකයට ආසන්න නිවර්තන අපුර්වත්වය: ඉන්දුනීසියාවේ “සදාකාලික හිම” සදහටම අතුරුදන් වීමේ තර්ජන මධ්‍යයේ!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: සමකයට ආසන්න උණුසුම්...

ඇවන්ගාඩ් සහ රක්නා ආරක්ෂක ලංකා ගනුදෙනුව: කෝප් කමිටුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

බද්දේගම හල්පතොට මහමග බිහිසුණු වෙඩි තැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ...