පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ට තියෙන චෝදනා දැක්කම හිනා යනවා.
පත්වීම ගන්න “ව්‍යාජ තොරතුරු” දුන්නා කිව්වට, “ව්‍යාජ තොරතුරු” මොනවද කියන්නේ නෑ. අනික, විපක්ෂ නායක කාර්යාලයේ තනතුරක් දැරුවා කියන එක.
කාටහරි පත්වීමක් ගන්න, විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ පත්වීමක් ගන්න “ව්‍යාජ තොරතුරු දෙන්න පුළුවන් වීම” ලංකාව වගේ රටක විශ්වාස කරන්නත්.බෑ.
ලස්සනම කාරනේ, “පරිවාස කාලය තුළම” “ඒ බව වසංකොට😆 පත්වීම ගත්තා කියලා. මට තියෙන පළවෙනි ප්‍රශ්නේ, චමින්ද කුලරත්න තමන්ම පත්වීම ගහගෙන, තමන්ම ගිහින් නියෝජ්‍ය මහ ලේකම් පුටුවේ වාඩි උනාද කියන එක. සම්මුඛ පරික්ෂණයක් තිබ්බේ නැද්ද ? සම්මුඛ පරික්ෂණ මණ්ඩලයේ හිටපු ජ්‍යෙෂ්ට පරිපාලන නිලධාරින් චමින්ද කුමාර කුලරත්නගේ පත්වීම් අවුරුද්ද පත්වීම් කණ්ඩායම දන්නේ නැද්ද ? හොයලා බැලුවේ නැද්ද ? එහෙම නෑ කියනවනම් පට්ටපල් බොරු. රාජ්‍ය සේවයේ තනතුරු වලට යනකොට අම්මා තාත්තා හරි වාසගම මාරුකරලා තියෙනවද කියලා හිට හොයනවා 😆. එහෙම තිබියදී චමින්ද කුලරත්නට පත්වීම දීපූ අයට මොකද කරන්න ඕනී ?
අනික් අතට සමහර තනතුරු තියෙනවා විශේෂ හේතූ නිසා අදාළ ශ්‍රේණියේ තනතුරම දරන්න වෙන්නේ නෑ. පළවෙනි පංතියේ තනතුරු කියලා උපලේඛනගත තනතුරු වල දෙවැනි තුන්වැනි පංතිවල අයත්, විශේෂ ශ්‍රේණියට නියමිත තනතුරු වල පළවෙනි ශ්‍රේණියේ අයත් ඕනතරම් ඉන්නවා.
යුද්ධ කාලේ මායිම් ගම්මානවල ප්‍රාදේශීය ලේකම්කං භාර ගත්තේ ධෛර්යය තිබුණ එවුන් මිස, ශ්‍රේණි තිබුණ අය නොවයි.
දේශපාලන අවශ්‍යතා මත (අද මේ ආණ්ඩුව යටතේ වැඩිපුර) එහෙම පත්වීම් තියෙනවා. ඒ අයට මේ පූර්වාදර්ශයම කළොත් ආණ්ඩුව වහන්න වෙනවා. අදාළම නැති දෙපාර්තමේන්තුවල අයට තනතුරු දීලා තියෙන ක්‍රමවේදය දෙයියෝ තමයි දන්නේ.
විපක්ෂ නායක කාර්යාලයේ තනතුරක් නැත්නම්, පරිපාලන සේවා නිළධාරියෙක් එතෙන්ඩ යොමු කළේ කවුද ? එහෙම තනතුරක් නැති තැනක ගිහින් ඉදලා වැටුප් දෙනවනම්, ගෙදර ඉදලත් වැටුප් ගන්න පුළුවන් වෙන්න ඕනීනෙ. නියමිත පරිදි අදාළ තැනට සේවයට වාර්තා නොකරන එකට ක්‍රියාමාර්ගයක් නොගෙන ගෙවපු වැටුපට චමින්ද කුලරත්නද වගකියන්න ඕනී ?
සංයුක්ත දැක්මක් නැතිව එදා වේල සිද්ධිවලට ප්‍රතිචාර විදිහට පරමාණු බෝම්බ පුපුරවන, මදුරුවෙක් කෑවත් T56 න් වෙඩි තියාගන්න, තමන්ට පාලනය කරනන් බැරි තනි පුද්ගලයන්ට ගුවන්යානා නාශක මිසයිල ගහන මේ ක්‍රමයත් එක්ක කොයි තරම් දුර යන්නද ..?
“අනේ අපොයි !”
~ ගාමිණී ඒකනායක (Facebook)


