රෂිකා හෙන්නායක ජනවාරි 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
බ්‍රිතාන්‍යයේ වර්ම්වුඩ් ස්ක්‍රබ්ස් බන්ධනාගාරය ඉදිරිපිට පලස්තීන හිතවාදී ක්‍රියාකාරීන් පිරිසක් පැවැත්වූ විරෝධතාවයකදී පුද්ගලයන් අසූ හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පිරිස එක්රැස් වී ඇත්තේ ඊශ්‍රායලයට සහය දීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජයට විරෝධය පාමින් මාරාන්තික උපවාසයක නිරත වන උමර් කාලිඩ් නමැති තරුණයාට සහය පළ කිරීම සඳහාය.
විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය දැඩි බලය යෙදවූ බවත්, උපවාසයේ නිරත පිරිස ඇප ලබා දීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් රජයෙන් ඉල්ලා සිටින බවත් වාර්තා වේ.
පලස්තීන ක්‍රියාකාරී කණ්ඩායම් තහනම් කිරීමට බ්‍රිතාන්‍ය රජය ගත් තීරණය හමුවේ මෙම දේශපාලන නොසන්සුන්තාවය තවදුරටත් උග්‍ර වී ඇත.
බන්ධනාගාරගත කර සිටින ක්‍රියාකාරීන්ගේ මානුෂීය අයිතිවාසිකම් සහ පලස්තීන අර්බුදය සම්බන්ධයෙන් වන සිවිල් විරෝධයේ ස්වභාවය මෙයින් ඉස්මතු වී පෙනේ.
බ්‍රිතාන්‍ය රජය පලස්තීන ක්‍රියාකාරී කණ්ඩායම් තහනම් කළේ ඇයි?
බ්‍රිතාන්‍ය රජය විසින් ‘පලස්තීන ක්‍රියාකාරී’ (Palestine Action) කණ්ඩායම තහනම් කිරීමට මූලික වශයෙන් හේතු වූයේ එම කණ්ඩායමේ ක්‍රියාකාරීන් පිරිසක් විසින් බ්‍රිතාන්‍යයේ විශාලතම ගුවන් කඳවුර වන Brize Norton වෙත බලහත්කාරයෙන් ඇතුළු වී එරට ගුවන් යානා දෙකකට රතු සායම් ආලේප කර හානි කිරීමයි,
මෙම සිදුවීමෙන් දින කිහිපයකට පසු, බ්‍රිතාන්‍ය රජය ‘ත්‍රස්ත විරෝධී’ (antiterrorism) නීති යටතේ මෙම කණ්ඩායම තහනම් කිරීමට පියවර ගත්තේය.
මෙම තීරණයත් සමඟ අදාළ කණ්ඩායමට සහය දැක්වීම හෝ එය ප්‍රවර්ධනය කිරීම නීති විරෝධී ක්‍රියාවක් බවට පත් විය,
මෙම තහනම අධිකරණය හමුවේ අභියෝගයට ලක්ව ඇති අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා මෙය ‘අසාධාරණ’ (unjustified) පියවරක් ලෙස හඳුන්වමින් විවේචනය කර ඇත. මෙම තහනම ඉවත් කරන ලෙසත්, ඊශ්‍රායල අවි සමාගමක් වන ‘Elbit Systems’ හි බ්‍රිතාන්‍ය ශාඛා වසා දමන ලෙසත් බල කරමින් ක්‍රියාකාරීන් බන්ධනාගාර තුළ උපවාසවල පවා නිරත වී සිටිති,


