*
Monday, September 23, 2024
spot_img

Latest Posts

IMF එකට අනුව සියල්ලෝම බදු ගෙවිය යුතුයි – බන්දුල

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව සියලු දෙනා බදු ගෙවිය යුතු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

“අපි හැමෝටම මේක ගෙවන්න වෙලා තියෙනවා. මන්ත්‍රීවරු ඇමතිවරු, මහජන නියෝජිතයෝ රාජ්‍ය නිලධාරීන්. සියලුදෙනාට තමන්ට දීමනා වශයෙන් ලැබෙන ඉන්ධන ගෙවල් කුලී යනාදිය සඳහාත් විශාල බදු මුදලක් ගෙවන්න වෙලා තියෙනවා. ඒක හැමෝටම දැනෙනවා. ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට දැනුම්දුන්නා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සාකච්ඡාවලදී ලංකාවට කියලා තියෙන්නේ, රුපියල් 45,000කට වඩා වැඩි මාසික ආදායමක් ලබන සියලුදෙනාගෙන් බදු වශයෙන් අයකරන්න ඕන කියලා. දීර්ඝ ලෙස සාකච්ඡා කරලා මේක කොහොමත්ම කරන්න බෑ කියලා එහෙම කරලා තමයි ලක්ෂය දක්වා බද්දෙන් නිදහස් කරලා ලබාගෙන තිබෙන්නේ. අපිට මේ බදු අඩුකරලා බදු වෙනස් කළොත් අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ මුදල ලබාගන්න බැරිවෙනවා. මේ ගිවිසුම නැතිවෙනවා. එහෙම වුනොත් අපේ රට සති දෙකකට වඩා පවත්වාගෙන යන්න පුළුවන් ක්‍රමය කවුරුහරි කියන්න පුළුවන් නම්. අපි ඒ එකකට කන්දෙන්න සූදානම්. මොකද හේතුව රටට අවශ්‍ය ඛනිජ තෙල්, පොහොර, රසායනික ද්‍රව්‍ය බෙහෙත්, යන්ත්‍ර සූත්‍ර අමුද්‍රව්‍ය අපි ගෙන්වන්න ඕන. ඉතින් මේවා පිටරටින් ආනයනය කරන්න නම් ආනයන හැකියාවක් තියෙන්න ඕන.”

“ඒකට ප්‍රමාණවත් සංචිතයක් තියෙන්න ඕන. ඒ සඳහා ලෝකයේ පිළිගත්ත සූත්‍රයක් තියෙනවා. දළ විදේශ වත්කම්වල ආනයන ශක්‍යතාවය. දළ විදේශ වත්කම්වලින් මාස කිහිපයක ආනයන වියදම් පුරවගන්න පුළුවන් ද කියලා දර්ශකයක් තියෙනවා. එතකොට අඩුගානේ මාස තුනකවත් ආනයන වියදම් පියවා ගන්න හැකියාවක් විදේශ වත්කම් පැත්තෙන් තියෙන්න ඕන. අපිට ඒ හැකියාව දැන් නෑ. ඒ නිසා තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැදිහත් වෙලා තියෙන්නේ ව්‍යුහගත ගැලපුමක් සිද්ධකිරීම සඳහා. ඉතින් ඒ සිද්ධකරනකොට අපිට නියමයන් කිහිපයක් පනවලා තියෙනවා. අනාගත කාලයේදී ණය ගෙවීමේ ශක්තිය ඇතිවෙලා ආර්ථිකය නියම පීල්ලට ගන්න නම් මේ මේ දේවල් කරන්න ඕන කියලා, අපි අසාධ්‍ය තත්ත්වයේ මරණාසන්න තත්ත්වයේ ඉන්න පුද්ගලයෙක් නම් එතකොට සමහර එන්නත් දෙනවා අපිට දරාගෙන ඉන්න බෑ. එය දරාගෙන ඉන්න බැරිවුණත් අනාගත ජීවිත පැවැත්ම සඳහා එය දරාගෙන ඉන්න සිද්ධවෙනවා, එවැනි තත්ත්වයකට තමයි මේ ආර්ථික දේහය ඔත්පල වෙලා මරණාසන්න වෙලා ගොඩයන්න බැරි තත්ත්වයෙන් තියෙන්නේ. ඉතින් මේ තිත්ත බෙහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගිල්ලුවා කියලා නොගිල ඉන්න බෑ. මොකද වෙන විකල්පයක් අපිට නැති නිසා.”

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan