ජසින්ඩා යයි, ෆවුසි එයි. ජසින්ඩාට 85 යි, ෆවුසිට 42 යි ?

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාගෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා ඒ. එච්. එම්. ෆවුසි මහතාව පත්කර තිබේ.

මේ සම්බන්ධ අතිවිශේෂ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇත.

දීර්ඝ කාලයක් දේශපාලනයෙහි නියැළුණු, කැබිනට් අමාත්‍ය තනතුරු ඇතුළු තනතුරු ගණනාවක් දැරූ ෆවුසි මහතාගේ වයස මේ වනවිට අවුරුදු 85 කි.

නවසීලන්තයේ අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන් මහත්මිය සිය තනතුරින් ඉල්ලා අස්වෙමින් දේශපාලනයෙන් ද සමුගන්නා බව ප්‍රකාශයට පත් කළේ පසුගිය සතියේදී ය. ඇයගේ වයස අවුරුදු 42 කි. නවසීලන්තයේ එහෙම වුණාට අපේ පිං කෙත හෙළ රන් දෙරණේ එහෙම වෙන්නේ නැත.

කෙසේවෙතත් අපට ෆවුසි මහතාගෙන් කිරීමට එක ඉල්ලීමක් තිබේ. ඒ, කෙසේ හෝ ඔය අවුරුදු දෙකහමාර අල්ලාගෙන සිටින ලෙස ය. මන්දයත් ෆවුසිගේ නමට පහළින් සජබ කොළඹ මනාප ලැයිස්තුවේ ඇත්තේ අරගලයට ද ඇණයක් වී පක්ෂයටත් ඇණයක් වුණු හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ නම නිසා ය. හිරුණිකා පාර්ලිමේන්තුවට පැමිණ ඇගේ කට අරිනවාට වඩා ෆවුසි පාර්ලිමේන්තුවට පැමිණ මොකුත්ම කතා නොකර සිටීම වඩාත් හොඳ ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...