තලතා අතුකෝරාළත් 43ට එකතු වෙයිද ?

Date:

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරාළ මහත්මිය 43 වැනි සේනාංකය සමග එකතු වීමේ සූදානමක් පිළිබඳ රාවයක් පැතිර යමින් පවතී.

රත්නපුර ආසන සංවිධායක ධුරයක් සම්බන්ධයෙන් තම පක්ෂයේම තරුණ මන්ත්‍රීවරයෙකු වන හේෂා විතානගේ මහතා සමග දීර්ඝ කාලයක් තිස්සේ ඇය ඇතිකරගෙන සිටින ගැටුම මීට හේතුවී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් 43 වැනි සේනාංකයෙහි පළමු සංවත්සර උත්සවය පසුගිය 23 වනදා මොනාක් ඉම්පීරියල් ශාලාවේදී පැවති අතර තලතා අතුකෝරාළ මහත්මිය ද ඊට සහභාගී වී තිබිණි. ඒ, විවිධ දේශපාලන පක්ෂ නියෝජිතයින් ගණනාවක්ම සහභාගී වූ මෙම උත්සවයට සමගි ජන බලවේගය පක්ෂයේ නියෝජිතයා වශයෙන් එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පමණක් සහභාගී කරවීමට නියමිතව තිබියදී ය.

කෙසේවෙතත් තලතා අතුකෝරාළ මහත්මිය, හේෂා විතානගේ සමග ඇති ගැටුම නිසා සමගි ජන බලවේගයෙන් ඉවත්ව 43 වැනි සේනාංකයට එකතු වන්නේ නම් එය ඇය විසින් මුහුණ සමග තරහා වී නහය කපා ගැනීමක් වනු ඇති බවටයි කතාබහට ලක්වී ඇත්තේ.

එසේම ඒ මහත්මිය 43 වැනි සේනාංකයට එකතු වුවහොත් එය ඔවුන්ට නම් අතිවිශාල ජයග්‍රහණයක් වනු ඇත්තේ 43 වැනි සේනාංකයේ කාන්තා රෙජිමේන්තුව ඇයගෙන් ආරම්භ කිරීමට හැකිවනු ඇති නිසාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

 Kathy Ruemmler ගේ අවසන් තීරණය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෝල්ඩ්මන් සැක්ස් (Goldman...

ගුවන් විදුලියට 100යි. එදා මෙදාතුර ශිල්පීන්, මාධ්‍යවේදීන් පිරිවරා සැමරුම් උළෙල අරලියගහ මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW: ගුවන්විදුලි සන්නිවේදනයට වසර 100ක් පිරිම නිමිත්තෙන් සැමරුම්...

ආනයනික වාහනවලට තවත් බද්දක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එළඹෙන අප්‍රේල් 01 සිට ආනයනය කරන වාහන...