තලතා අතුකෝරාළත් 43ට එකතු වෙයිද ?

Date:

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරාළ මහත්මිය 43 වැනි සේනාංකය සමග එකතු වීමේ සූදානමක් පිළිබඳ රාවයක් පැතිර යමින් පවතී.

රත්නපුර ආසන සංවිධායක ධුරයක් සම්බන්ධයෙන් තම පක්ෂයේම තරුණ මන්ත්‍රීවරයෙකු වන හේෂා විතානගේ මහතා සමග දීර්ඝ කාලයක් තිස්සේ ඇය ඇතිකරගෙන සිටින ගැටුම මීට හේතුවී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් 43 වැනි සේනාංකයෙහි පළමු සංවත්සර උත්සවය පසුගිය 23 වනදා මොනාක් ඉම්පීරියල් ශාලාවේදී පැවති අතර තලතා අතුකෝරාළ මහත්මිය ද ඊට සහභාගී වී තිබිණි. ඒ, විවිධ දේශපාලන පක්ෂ නියෝජිතයින් ගණනාවක්ම සහභාගී වූ මෙම උත්සවයට සමගි ජන බලවේගය පක්ෂයේ නියෝජිතයා වශයෙන් එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පමණක් සහභාගී කරවීමට නියමිතව තිබියදී ය.

කෙසේවෙතත් තලතා අතුකෝරාළ මහත්මිය, හේෂා විතානගේ සමග ඇති ගැටුම නිසා සමගි ජන බලවේගයෙන් ඉවත්ව 43 වැනි සේනාංකයට එකතු වන්නේ නම් එය ඇය විසින් මුහුණ සමග තරහා වී නහය කපා ගැනීමක් වනු ඇති බවටයි කතාබහට ලක්වී ඇත්තේ.

එසේම ඒ මහත්මිය 43 වැනි සේනාංකයට එකතු වුවහොත් එය ඔවුන්ට නම් අතිවිශාල ජයග්‍රහණයක් වනු ඇත්තේ 43 වැනි සේනාංකයේ කාන්තා රෙජිමේන්තුව ඇයගෙන් ආරම්භ කිරීමට හැකිවනු ඇති නිසාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් 21 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ස්පාඤ්ඤයේ මලගා...

ආයෝජන කියන්නේ මොනවාද ?

රටක ආර්ථික වර්ධනය සඳහා ආයෝජන වල වැදගත්කම ගැන කතා...

විපක්ෂ නායක සජිත්ගෙන් කිතුල්ගල රෝහලට ලක්ෂ 33ක් වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක්...

නන්දනගේ වටිනාකම බිංදුවයි – ඇමති ලාල්කාන්ත

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතාගේ වටිනාකම තමන්ට...