වාහන ධාවනය සීමා කිරීම, පාසල් වසාදැමීම ඇතුළු ගම්මන්පිලගේ යෝජනා ගැන අවසන් තීරණයක් නෑ !

Date:

ඉන්ධන අර්බුදයට මුහුණදීම සඳහා ගතයුතු පියවර ඇතුළත් යෝජනාවලියක් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් ඊයේ පැවති කැබිනට් රැස්වීම සඳහා ඉදිරිපත් කර තිබිණි. මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

කෙසේ නමුත් ඒ පිළිබඳව අවසන් තීරණයකට එළඹීම කල්දමා තිබෙනවා.

කොළඹ නගරයට පැමිණෙන රථ වාහන අවම කිරීම, රාජ්‍ය නිළධාරීන් කොළඹට කැඳවීම අවම කිරීම, රාජ්‍ය ආයතනවල සාකච්ඡා, රැස්වීම්, උත්සව හැකිතරම් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වීම මෙම යෝජනාවලියට ඇතුළත් වේ. මීට අමතරව පාසල් පැවැත්වෙන දින ගණන අඩුකර එක් දිනයක අධ්‍යයන කටයුතු වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වීමටද බලශක්ති ඇමතිවරයා යෝජනා කරයි.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙන්ම විදුලිබල මණ්ඩලයද දැඩි අර්බුදයකට මුහුණ දී සිටින අතර ඕනෑම මොහොතක ඉන්ධන හිගයක්, විදුලි බිඳවැටීමක් සිදුවිය හැකි මට්ටමට අර්බුදය උත්සන්න වී තිබෙනවා. මෙම තත්තවය මත රාජ්‍ය ආයතනවල කටයුතු සහ පාසල් කටයුතු අන්තර්ජාලය ඔස්සේ සිදු කිරීමද ප්‍රායෝගික නොවනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (21) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 21) දිනයේදී නැගෙනහිර, ඌව...

Rebuilding Sri Lanka:අඟුණකොළපැලැස්ස බන්ධනාගාර නිලධාරීන්ගෙන් සහ රැඳවියන්ගෙන් පරිත්‍යාගයක්!

කොළඹ LNW: අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට...

ගුවන සෙලවෙයි

    නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: මැලිබන් කුසලාන ජාතික රග්බි...

ධන කුවේරයන්ගෙන් හිනි පෙත්තටම යන රටවල්!

සටහන – පුලී දෙසැම්බර් 20, කොළඹ (LNW):  බිලියනපතියන්ගේ ධනයෙහි ගෝලීය...