බූස්ටර් එන්නත නොපමාව ලබාගමු

Date:

එන්නත්කරණය පිළිබඳව ගෝලීය මට්ටමින් සලකා බැලීමේදී ශ්‍රී ලංකාව සාධනීය මට්ටමක ඇති බව සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. කොවිඩ් වසංගතය ආරම්භයේදී මෙරට පැවතියේ පරීක්ෂණාගාර එකක් පමණි . එය මේවනවිට 27ක් දක්වා වැඩි කර තිබේ. සාර්ථක එන්නත්කරණය හමුවේ රට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට හැකි වී තිබේ. නිවෙස් නිරෝධායනයද සාර්ථකව ක්‍රියාත්මක කෙරිණි . එහිදි 121,000ක් නිරෝධායනයට ලක් විය.

එක් අයකු පමණක් මිය ගියේය . 1,400 ක් රෝහල් ගත කෙරිණ. පසුගිය වසරේ ජනවාරි 29 වනදා සිට මේ දක්වා එන්නත් මාත්‍රා මිලියන 51ක් මෙරටට රැගෙන විත් තිබේ. මෙම අවස්ථාව වනවිට මිලියන 08 එන්නත් සංචිතයක් රට තුළ පවතින බව අමාත්‍යවරයා පවසයි. මෙරට,පළමු එන්නත් මාත්‍රාව 102%දෙවන එන්නත් මාත්‍රාව 98%තෙවන එන්නත් මාත්‍රාව 30% ලෙස මේ වනවිට එන්නත්කරණයට භාජනය වී ඇත.ලබන 29 වනදාට මෙරට එන්නත්කරණයට වසරක් සපිරේ. කෙසේ වෙතත් මිත්‍යාමත හමුවේ තුන්වන මාත්‍රාව ලබා ගැනීම පිළිබඳව ජනතාව තුළ පවතින්නේ පුද්ගලයකු සම්පූර්ණ එන්නත්කරණයට ලක්වූවකු වන්නේ මාත්‍රා තුනම ලබාගතහොත් පමණි. එබැවින් එය ලබා ගැනීමට කටයුතු කළ යුතුය.ලෝකයේ රටවල් 194 ක් අතරින් ශ්‍රීලංකාව එන්නත්කරණය අතින් තුන්වන අවස්ථාවේ පසුවන බව අමාත්‍යවරයා පැවසීය. ලබන ජනවාරි 29 වනදා 1050 ක් වූ මෙරට රෝහල් පද්ධතිය තුළ සුභමොහොතින් ආගමික වතාවත් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එයට සමඝාමීව ජනතාවට බූස්ටර් එන්නත ලබාදීමේ වැඩ පිළිවෙළක් ද සකස් කර තිබේ. නොපමාව තෙවැනි මාත්‍රාව ලබාගෙන එන්නත්කරණය සම්පූර්ණ කරගමු. වගකීමෙන් වැඩ කර කොවිඩ් වසංගතය ජය ගමු.

රෂිකා සඳමාලි හෙන්නායක Facebook

Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...