ආණ්ඩුවේ වන්දිය වී ගොවියන්ට විතරද? (VIDEO)

0
257

කාබනික වගාව සඳහා රජය ගත් තීරණයෙන් හානි වූයේ වී ගොවියන්ට පමණක් නොවන අතර එය සමස්ත කෘෂිකර්ම ක්ෂේත්‍රයටම බලපෑ හෙයින් එම සියලු දෙනාටම වන්දි හිමි විය යුතු බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.

ඒ, අද (25) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

මේ වන විට රටේ නිර්මාණය වී තිබෙන ආහාර ප්‍රශ්නයට මුහුණ දීමට සිදු වුණේ කාබනික වගාව සම්බන්ධයෙන් ආණ්ඩුව ගත් අමනෝඥ තීරණය බවට ආණ්ඩුවම ස්වයං විවේචනයක් කළ යුතුව ඇති බවයි මන්ත්‍රීවරයා මෙහිදී කියාසිටියේ.

කෘෂි විශේෂඥයින් අතහැර වෛද්‍යවරුන්ගෙන් කාබනික වගාව ගැන උපදෙස් ගෙන ඉදිරියටත් වැඩ කළහොත් මීට වඩා පරිහානියක් සිදුවනු ඇති බවද ඔහු සඳහන් කරන ලදී.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here