සනත් නිශාන්ත මතාගේ රිය අනතුර සම්භන්ධයෙන් අදාළ කන්ටේනර් රථයේ රියදුරු අත්අඩංගුවට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 25 කොළඹ (LNW): අද(25) අලුයම 2.00ට පමණ කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයෙකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ කන්ටේනර් රථයේ රියදුරුව පොලිස් භාරයට ගෙන ඇත.

මෙම අනතුර සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සදහා ඔහු මෙලෙස පොලිස් භාරයට ගත් බව අධිවේගී මාර්ග පොලිස් ඒකකය පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා ගමන්ගත් රථය කටුනායක සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබිය දී කන්ටේනර ප්‍රවාහන රථයකට ඉස්සර කිරීමට යාමේ දී එම රථයේ ගැටී අධිවේගී මාර්ගයේ ආරක්ෂක වැටේ ද ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි. අනතුරින් බරපතල තුවාල ලබා සිටි රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු තිදෙනකු රාගම රෝහලට රැගෙන ගිය ද රෝහලට රැගෙන යනවිටත් අමාත්‍යවරයා සහ ආරක්ෂකයා මියගොස් සිටි බව වෛද්‍යවරු පවසති.

මියයනවිට රාජ්‍ය අමාත්‍යවරයා 48 වැනි විය ඉක්මවා සිටි බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයෙන් රු.මි. 12.3ක් මහා භාණ්ඩාගාරය!

කොළඹ LNW:කම්කරු අමාත්‍යංශය යටතේ ඇති ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා...

Sarah Mardini සහ සහන සේවකයෝ නිදහස් වෙති!

රෂිකා හෙන්නායක ජනවාරි 16 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සංක්‍රමණිකයින් බේරා...

නොබෙල් සාම ත්‍යාගය ට්‍රම්ප් අතේ තිබිය හැකි නමුත් එය ඔහුගේ නොවන බව නොබෙල් නිලධාරීහු පවසති!

සටහන – පුලී ජනවාරි 16, කොළඹ (LNW): වෙනිසියුලාවේ විපක්ෂ නායිකා...

චීන-කැනඩා සබඳතා අලුත් කරමින් දෙරට නායකයින් අතර සාකච්ඡා

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා කැනේඩියානු අගමැති Mark...