සුබ ගමන් මචං..!

Date:

උඹට බනින දේවල් ගැන දුක් වෙන්න එපා-මිනිස්සු එහෙමයි-ඒ උන් උඹ ගැන දන්න ටික..!

සනත් නිශාන්ත අනතුරකින් මිය ගිය ප්‍රවෘත්තිය දැන ගත්තෙ අද අළුයම. ඒ ප්‍රවෘත්තිය මට ඇති කලේ ලොකු කම්පනයක්. වීරයෙක් මිය ගියාට වඩා ලොකු හිස්කමක් ඇති කරනවා දුෂ්ටයෙකුගේ නික්ම යාම. 

සනත් නිශාන්තව කිසිම දවසක මුනගැහිලා හෝ කතාබහ කරලා නෑ. මගේ දේශපාලන අදහස්වලට ප්‍රතිවිරුද්ධ දුෂ්ටයෙක් විදිහට ඒ මනුස්සයා මට මුනගැහෙන්නෙ මීඩියා හරහාම විතරයි. ඒක දේශපාලන වීරයන් සහ දුෂ්ටයන් අතර බෙදීමක් මිස සනත් නිශාන්ත කියන මනුස්සයා එක්ක කිසිම විදිහකින් ඇති වුන තරහක් වෛරයක් නෙමෙයි. සනත් නිශාන්ත කියන්නෙ විචිත්‍ර වූ දුෂ්ටයෙක්. පසමිතුරු දේශපාලනයේ ඒ භූමිකාව එයා ලස්සනට කළා. ඒ නිසාම ඒ දුෂ්ටයා ගැන මට තියෙනවා ආදරයක්.

අපිට දුෂ්ටයන් වන හැම මනුස්සයෙක්ම වීරයෙක් වෙන මිනිස්සු පිරිසකුත් ඉන්නවා. අපිට ඉතාම නරක මිනිස්සු විදිහට පේන හැම කෙනෙක්ම ඉතා හොඳ විදිහට මුනගැහෙන පිරිසකුත් ඉන්නවා. ඒ හුදෙක් දේශපාලන හෝ වෙනත් වාසි ලබන අය විතරක් නෙමෙයි. මිනිස්සු හැමෝම හොඳයි සහ නරකයි. ගොඩක් හොඳයි කියල අපි හිතන මිනිස්සුන්ගෙ එකවර දකින නරක විසින් අපිව තිගැස්සීමකට ලක් කරන්න නියමිතයි. ඒ වගේම අපි ගොඩක් නරකයි කියල හිතන මිනිස්සුන්ගෙ අනපේක්ෂිතව මුනගැහෙන හොඳ විසින් අපිව පුදුම කරන්න නියමිතයි. හැම මනුස්සයෙක්ම පිටතට කොහොම වුනත් තමන් ඇතුලෙ හොඳ මිනිහෙක්.  

සනත් නිශාන්තට ආදරය කළ මිනිස්සුන්ට වගේම සනත් නිශාන්තට විරුද්ධ කෙනෙක් වුනු මටත් ඔහුගේ මේ මරණය දුකක්. සුබ ගමන් මචං.

උඹට බනින දේවල් ගැන දුක් වෙන්න එපා. මිනිස්සු එහෙමයි. ඒ උන් උඹ ගැන දන්න ටික.

 
 
-චින්තන ධර්මදාස- දේශපාලන සහ සමාජ විශ්ලේෂක
(උපුටා ගැනීම චින්තන ධර්මදාසගේ “Facebook” පිටුව )

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...

ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ...

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...