ආණ්ඩුව බඩගාමින්, වනුගාමින් සහ අනාගනිමින් ආන්ඩුකරණය ඉගෙන ගනිමින් සිටී ….

Date:

පොඩි උන් නැගිටින්න සහ ඇවිදින්න ඉගෙන ගන්නේ දනගාමින්,වනුගාමින් සහ පී ගාගනිමිනි… ආන්ඩුවද ඊට සමානව ආන්ඩුකරනය ඉගෙන ගනිමින් සිටින්නේ දනගාමින්, වනුගාමින් සහ අනාගනිමින්, ගොම නාගනිමින් බව පෙනෙන්නට තිබේ..

මුලින් ජා.ජ.බේ. කියාසිටියේ මෙන්ම සිතාසිටියේද ආන්ඩුකරණය යනු මහ කජ්ජක් නොවන බවයි.. නමුත් දැන් දැන් එය ඔවුන්ට නොතේරෙන කජ්ජක් බව ඔවුන්ටම අවබෝදවෙමින් තිබෙන බවක් පෙනෙන්නට තිබේ..

රටේ භාන්ඩාගාරයේ මුදලුත් තිබේ නම්, ජාත්‍යන්තර වෙළෙඳපොළේ සහලුත් තිබේ නම් රටේ සහල් හිගයක් ඇතිවූ විට සහල් ආනයනය කිරීම ආන්ඩුකරණය දන්න උන්ට නම් සරළම කජ්ජකි.. නමුත් මෙවර සහල් හිගය ඇතිවූ අවස්තාවේ රජය මැදිහත්ව සහල් ආනයනය කිරීම වෙනුවෙන් දැමූ ටෙන්ඩර් හතරම ෆේල් විය.. කොහොම හරි පුද්ගලික අංශය නොතිබුනි නම් රටේ ජනයා මේවන විටත් හාමතේය..

මුලින් ඔවුන් කියාසිටියේ ජනතාවට නැති කිසිවක් මැති,ඇමතිවරුන්ටද අවශ්‍ය නැති බවයි.. එහිදී ජනතාවට වාහන නැති බැවින් මැති ඇමතිවරුන්ටද වාහන අවශ්‍ය නැති බවද කීය.. නමුත් දැන් ඔවුන්ට යථාර්ථය සම්මුඛ වී තිබේ.. ඇමති වෘතිය යනු මීමුරේ පයින් ලියුම් බෙද බෙද යන වර්ගයේ වෘතියක් නොවන බව ඔවුන් හිමින් හිමින් අවබෝධකරගනිමින් සිටී…

මුලින් ඔවුන් කියාසිටියේ ලංකාවේ ප්‍රමාණවත් සහල් නිශ්පාදනයක් ඇතිබවත් හාල් හිගයට හේතුව මහ මෝල්ලු සහල් තොග සැඟවීම බවත්ය.. නමුත් දැන් ඔවුන් පවසන්නේ බියර් නිශ්පාදනයට සහ සත්ව ආහාර සඳහාද සහල් යම් ප්‍රමාණයක් වැයවෙන බැවින් රට තුල නිශ්පාදනය වන සහල් ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බවත් මහ මෝල්ලු හාල් හංගන කතාව බොරුවක් බවත් ය..

මුලින් ඔවුන් පැවසූයේ රටට බත සපයන ගොවියාට වගා පාලු, අර පාලු, මේ පාලු, පොහොර, වීවලට උපරිම සහතික මිල ‍යනාදී සියල්ල දියයුතු බවයි..ඒ වෙනුවෙන් ඔවුන් ගොවීන් සමඟ මහපාරේ ඩෙඟා නැටුවේය.. එවකට නාමල් කරුණාරත්න සහබාගී නොවූ ගොවි උත්ඝෝසනයක් රටේ නොතිබුනි.. නමුත් දැන් ඔවුන් පවසන්නේ ගොවියා වීවලට බුලත් විටේ මිල පවා එකතු කරන බැවින් ගොවියා අසාධාරණ බවයි..

කලින් ඔවුන් පැවසුවේ පැවති ආන්ඩුවල සිටි වැඩි දෙනෙක් හොරු බවත් ඒහෙතුවෙන්ම ඒ ආන්ඩු හොරු ආරක්ෂාකල බවත් තමන් ආන්ඩු බලය ගත් සැනින් හොරු අල්ලා හොරාකෑ ධනය නැවත ලබාගන්නා බවත් ය.. නමුත් දැන් පවසන්නේ ඒවාට අවශ්‍ය සාක්ෂි, පැහැදිලි තොරතුරු නැති බවත් එබැවින් හොරු ඇල්ලීම අසීරුබවත්ය..

ඇත්තෙන්ම දැන් ඔවුන් කරමින් සිටින්නේ අඳුරේ අතපත ගාමින් හැප්පෙමින් සහ වරද්ද වරද්ද ආන්ඩුකරන හැටි ඉතාම මන්දගාමීව ඉගෙන ගනිමින් සිටීමයි.

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...