DR කොංගෝවේ M23කැරලිකරුවන් විසින් විදේශීය සාම සාධක භටයන් 13 දෙනෙකු මරා දමයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 26; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : නැගෙනහිර කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (DRC) සටන්වලදී එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ භටයන් 13 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

උතුරු කිවු පළාතේ අගනුවර වන ගෝමා නගරයට M23 කැරලිකරුවන්ගේ ඉදිරි ගමන වැලැක්වීම සඳහා කොංගෝ හමුදා සහ සාම සාධක භටයන් පසුගිය දිනවල කරන ලද සටන් හේතුවෙන් මෙලෙස සාම සාධක භටයන් 13 දෙනෙකුගේ ජිවිත අහිමි වී ඇත.

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ඛණිජ වලින් පොහොසත් නැඟෙනහිර ප්‍රදේශය කැරලිකරුවන් වැඩි භූමි ප්‍රදේශයක පාලනය අල්ලා ගැනීමත් සමඟින්, පුලුල් කලාපීය යුද්ධයක් ඇතිවීමේ අවධානමක් පවතියි. පසුගිය සතියේ ප්‍රාදේශීය නායකයින් කියා සිටියේ M23 විසින් අල්ලා ගන්නා ලද ප්‍රදේශවල සිවිල් වැසියන් 200 කට වැඩි පිරිසක් මිය ගිය බවත්, ගෝමා හි රෝහල් සිය ගණනකට ප්‍රතිකාර කරන බවත්ය.

M23 නොහොත් මාර්තු 23 ව්‍යාපාරය යනු වසර 10කට පෙර කොංගෝ හමුදාවෙන් කැඩී ගිය වාර්ගික ටුට්සි ජාතිකයන්ගෙන් සමන්විත සන්නද්ධ කණ්ඩායමකි. 2021 සිට ඛනිජ වලින් පොහොසත් නැගෙනහිර කොංගෝවේ විශාල ප්‍රදේශ පාලනය කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වසරේ ආරම්භයේ සිට පමණක් නැගෙනහිර කොංගෝවේ සටන් හේතුවෙන් 237,000 කට වැඩි පිරිසක් අවතැන් වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වුණු පැමිණිල්ලේ දූෂණ චෝදනා 8ක් !

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්...

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...