DR කොංගෝවේ M23කැරලිකරුවන් විසින් විදේශීය සාම සාධක භටයන් 13 දෙනෙකු මරා දමයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 26; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : නැගෙනහිර කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (DRC) සටන්වලදී එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ භටයන් 13 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

උතුරු කිවු පළාතේ අගනුවර වන ගෝමා නගරයට M23 කැරලිකරුවන්ගේ ඉදිරි ගමන වැලැක්වීම සඳහා කොංගෝ හමුදා සහ සාම සාධක භටයන් පසුගිය දිනවල කරන ලද සටන් හේතුවෙන් මෙලෙස සාම සාධක භටයන් 13 දෙනෙකුගේ ජිවිත අහිමි වී ඇත.

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ඛණිජ වලින් පොහොසත් නැඟෙනහිර ප්‍රදේශය කැරලිකරුවන් වැඩි භූමි ප්‍රදේශයක පාලනය අල්ලා ගැනීමත් සමඟින්, පුලුල් කලාපීය යුද්ධයක් ඇතිවීමේ අවධානමක් පවතියි. පසුගිය සතියේ ප්‍රාදේශීය නායකයින් කියා සිටියේ M23 විසින් අල්ලා ගන්නා ලද ප්‍රදේශවල සිවිල් වැසියන් 200 කට වැඩි පිරිසක් මිය ගිය බවත්, ගෝමා හි රෝහල් සිය ගණනකට ප්‍රතිකාර කරන බවත්ය.

M23 නොහොත් මාර්තු 23 ව්‍යාපාරය යනු වසර 10කට පෙර කොංගෝ හමුදාවෙන් කැඩී ගිය වාර්ගික ටුට්සි ජාතිකයන්ගෙන් සමන්විත සන්නද්ධ කණ්ඩායමකි. 2021 සිට ඛනිජ වලින් පොහොසත් නැගෙනහිර කොංගෝවේ විශාල ප්‍රදේශ පාලනය කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වසරේ ආරම්භයේ සිට පමණක් නැගෙනහිර කොංගෝවේ සටන් හේතුවෙන් 237,000 කට වැඩි පිරිසක් අවතැන් වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබලු‍න් සිව්දෙනා ලබන 26 තෙක් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW : පසුගියදා සැකපිට...

ඉදිරි වසර 05ක කාලය තුළදී මෙරට නිවාස අවශ්‍යතාව සපුරාලීමට සැලසුම්!

කොළඹ LNW:මෙරට නිවාස අවශ්‍යතාව ඉදිරි වසර 05ක කාලය තුළදී...

රටේ ක්‍රිකට් ගැන සැබෑ කියවීමක් වෙමින් කාන්තා ක්‍රිකට් සූරතාව නාවික හමුදාව දිනා ගනියි

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: පළමු පෙළ කාන්තා සීමීත පන්දුවාර...