අවපැහැ ගැන්වුණු පැරිස් පදක්කම් වෙනුවට අලුත් පදක්කම්

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 26 ,(LNW)කොළඹ :

පරිස් 2024 වෙනුවෙන් ජයග්‍රාහකයන් වෙත ලබා දුන් පදක්කම් අවපැහැ ගැන්වෙන බවට එල්ල වෙන චෝදනා එන්න එන්නම වැඩි වෙන තත්ත්වය තුළ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ලබා දුන් පදක්කම් වෙනුවට අලුත් පදක්කම් ලබා දීමට තීරණය කර තිබෙනවා. මලකඩ පැල්ලම්, මතුපිට ඇඳීම සහ ලෝහයේ මුල් දීප්තියට වඩා වෙනස් අඳුරු බැබළීමක් මාස කිහිපයකට පසු දිස් වීම නිසා ජයග්‍රාහක පදක්කම්ලාභීන් වෙතින් නොකඩවා මැසිවිලි සහ විවේචන එල්ල වීම නිසා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට මෙම තීරණය ගැනීමට සිඳු වී තිබෙනවා.


සිය රටේ කීර්තය සම්බන්ධයෙන් දැඩි සැළකිල්ලක් දක්වන ප්‍රංශ ජාතිකයින් ඇති වී තිබෙන මෙම තත්ත්වය පිළිබඳව දැඩි කණස්සල්ලෙන් පසුවන අතර මෙම පදක්කම් නිෂ්පාදනයට හොඳම ශිල්පීය හැකියාවන් සහ හොඳම ද්‍රව්‍ය ඇතුළත් වීම, IOC විසින් නොසලකා හැර ඇති බවට චෝදනා එල්ල වෙනවා.


ක්‍රීඩා උළෙල අතරතුරදීම, බ්‍රිතාන්‍ය කිමිදුම් ක්‍රීඩිකාවක් වන යස්මින් හාපර් මේ පදක්කම්වල අවපැහැ ගැන්වීම ගැන චෝදනා එල්ල කරන්නට පටන් ගත් අතර ඇමරිකානු ෆිගර් ස්කේටර් නයිජා හස්ටන් ද සමාජ මාධ්‍යවල ඔහුගේ පදක්කමේ දුර්වල ගුණාත්මකභාවය තරගාවලිය නිමා කළ ආසන්නයේම පෙන්වා දී තිබුණා.මේ ආකාරයට පදක්කම්ලාභීන් සිය ගණනක් කෙළින්ම IOC වෙත ද සිය කණස්සලු සහගතභාවය පදක්කම් සම්බන්ධයෙන් පළ කරද්දී,එම පදක්කම් වෙනුවට නව පදක්කම් ලබා දීමේ තීරණයකට IOC වෙත යොමු වෙන්නට සිඳු වුණා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...