පලස්තීන සිරකරුවන් 200 දෙනෙකුට නිදහස!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 26, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර ඇතිකරගත් සටන් විරාම ගිවිසුමට අනුව දෙවන වරටත් ප්‍රාණ ඇපකරුවන් හුවමාරුවක් සිදුකර තිබෙන අතර, දෙපාර්ශ්වයේ ප්‍රාණ ඇපකරුවන් හුවමාරුව යටතේ හමාස් සංවිධානය භාරයේ සිටි ඊශ්‍රායල හමුදා සෙබලියන් 4 දෙනෙකු නිදහස් කිරීමට පියවර ගෙන ඇත.

ඔවුන් නිදහස් කිරීමට අදාළව විශේෂ වීඩියෝපටයක් ද නිකුත් කිරීමට හමාස් සංවිධානය කටයුතු කර තිබෙන අතර, හමාස් භාරයේ සිටි කාලය තුලදී තමන්ට ලබාදුන් පහසුකම් සම්බන්ධයෙන් හා ඊශ්‍රායල බෝම්බ ප්‍රහාර මධ්‍යයයේ තම ජීවිත ආරක්ෂා කිරීමට හමාස් සංවිධානය කටයුතු කිරීම සම්බන්ධයෙන් එම සෙබලියන් 4 දෙනා එහිදී විශේෂ ස්තූතියක්ද පළ කර ඇත.

ඔවුන් රතු කුරුස සංවිධානයට භාරදීමට කටයුතු කරන අතර, පසුව ඔවුන්ගේ පවුල් වෙත භාරදීමට කටයුතු කෙරුණ අතර, පලස්තීන සිරකරුවන් 200 දෙනෙකු නිදහස් කිරීමට ද ඊශ්‍රායලය කටයුතු කර ඇත් බව එරට මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ,ඔවුන් නිදහස ලබා පලස්තීනයට පැමිණෙන අවස්ථාවේදී පිළිගැනීම සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් රැස්ව සිටි බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රදේශ රැසකට මිලිමීටර් 200 ට වැඩි ඉතා තද වැසි. බොහෝ ප්‍රදේශවලට ප්‍රහාරාත්මක සුළං – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල මඩකලපුව ප්‍රදේශය අශ්‍රිතව පැවති "දිට්වා" ...

ජාතික මට්ටමේ ආපදා හදිසි ඇමතුම් අංක!

රෂිකා හෙන්නායක නොවැම්බර් 28, කොළඹ LNW : ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය...

කැළණි ගඟේ ජල මට්ටමත් ඉහළට. කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට මහ ගංවතුර අනතුරු හැඟවීම් !

සටහන - රුවන් නෙළුගොල්ල පවතින අධික වර්ෂ්පාතනය හේතුවෙන් කැළණි ගඟේ...

අත්‍යාවශ්ය සේවා හැර අනෙකුත් රජයේ කාර්යාල සඳහා විශේෂ නිවාඩු දිනයක්

සටහන - රුවන් නෙළුගොල්ල පවතින ආපදා තත්වය හේතුවෙන්, අත්‍යවශ්‍ය සේවා...