පලස්තීන සිරකරුවන් 200 දෙනෙකුට නිදහස!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 26, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර ඇතිකරගත් සටන් විරාම ගිවිසුමට අනුව දෙවන වරටත් ප්‍රාණ ඇපකරුවන් හුවමාරුවක් සිදුකර තිබෙන අතර, දෙපාර්ශ්වයේ ප්‍රාණ ඇපකරුවන් හුවමාරුව යටතේ හමාස් සංවිධානය භාරයේ සිටි ඊශ්‍රායල හමුදා සෙබලියන් 4 දෙනෙකු නිදහස් කිරීමට පියවර ගෙන ඇත.

ඔවුන් නිදහස් කිරීමට අදාළව විශේෂ වීඩියෝපටයක් ද නිකුත් කිරීමට හමාස් සංවිධානය කටයුතු කර තිබෙන අතර, හමාස් භාරයේ සිටි කාලය තුලදී තමන්ට ලබාදුන් පහසුකම් සම්බන්ධයෙන් හා ඊශ්‍රායල බෝම්බ ප්‍රහාර මධ්‍යයයේ තම ජීවිත ආරක්ෂා කිරීමට හමාස් සංවිධානය කටයුතු කිරීම සම්බන්ධයෙන් එම සෙබලියන් 4 දෙනා එහිදී විශේෂ ස්තූතියක්ද පළ කර ඇත.

ඔවුන් රතු කුරුස සංවිධානයට භාරදීමට කටයුතු කරන අතර, පසුව ඔවුන්ගේ පවුල් වෙත භාරදීමට කටයුතු කෙරුණ අතර, පලස්තීන සිරකරුවන් 200 දෙනෙකු නිදහස් කිරීමට ද ඊශ්‍රායලය කටයුතු කර ඇත් බව එරට මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ,ඔවුන් නිදහස ලබා පලස්තීනයට පැමිණෙන අවස්ථාවේදී පිළිගැනීම සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් රැස්ව සිටි බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...